Monday, May 10, 2010

කඳානේ බෝම්බ පිපිරීමක්


කඳාන ප්‍රදේශයේ අවුරුදු උත්සවයකදී එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් කොළඹ සහ ‍රාගම රෝහල් වලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.
එම ප්‍රදේශයේ අවුරුදු උත්සවයකට සහභාගි වෙමින් සිටි දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි. ප්‍රහාරයෙන් පසු එම ප්‍රදේශයේ හැරදමා තිබු ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. adaderana

0 comments:

Post a Comment