Monday, May 10, 2010

සෝමාවතියෙන් තවත් මරණයක්..!


ඓතිහාසික සෝමාවතිය චෛත්‍ය වැඳපුදා ගැනීමට ගොස් ඇති වූ තද බදය හේතුවෙන් රෝහල් ගත කෙරුණු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් ව ඇත්තේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකි.
පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධිකාරක උපුල් නානායක්කාර මහතා සඳහන් කර සිටියේ රෝහල් ගත කළ තවත් 22 දෙදෙනෙකුගෙන් 8 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. සෙසු පිරිස ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත් ‍සෝමාවතිය චෛත්‍ය වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් වීම හේතුවෙන් ඇති වූ තදබදය සහ නොසන්සුන් තත්ත්වය මේ වන විට මග හැරී ගොස් ඇති බව දෙරණ වාර්තාකරු සඳහන් ක‍රයි. මෙම තදබදය අතරතුර සෝමාවතී චෛත්‍ය වැඳපුදා ගැනීම සදහා පැමිණි සැදැහැවතුන් දෙදෙනෙකු ඊයේ දිනයේ මිය ගිය අතර තවත් 23 දෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබුණි. adaderana

0 comments:

Post a Comment