Monday, May 10, 2010

අයහපත් ග්‍රහයන් නිසා රනිල් ඉන්දියාවට


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද සවස දකුණු ඉන්දියාව බලා පිටත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ හදිසියේ ඉන්දියාව බලා පිටත්වීමට හේතුව ලෙස එම ආරංචි මාර්ග පෙන්වාදුන්නේ ග්‍රහ පලාඵල අනුව මේ දිනවල රනිල් වික්‍රමසිංහ මහතාට අයහපත් කාල පරිච්ඡේදයක් උදාවී ඇති බවත්, ඒ වෙනුවෙන් ආගමික කටයුතු වල නිරතවීම සඳහා මෙසේ ඉන්දියාව බලා පිටත්ව යන බවත්ය.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව විමසා බැලීම සඳහා විශේෂ කමිටුවක් ද පසුගිය සතියේදී පත්කරනු ලැබිණි. හෙට දිනයේදී අදාළ යෝජනා පක්ෂ නායකත්වය වෙත භාරදීමට නියමිතව තිබුණත් ප්‍රායෝගික හේතුන් මත ‍එය තවදුරටත් කල් ගතවන බව ගයන්ත අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කරුණාතිලක මහතා පෙන්වා දුන්නේය. පසුගිය සිකුරාදා දිනයට පෙර පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ යෝජනා කමිටුව වෙත භාරදීමට උපදෙස් දී තිබුණද ඇතැම් මන්ත්‍රීවරුන් තවදුරටත් යෝජනා භාරදෙමින් සිටින බව ‍ද එම කමිටුවේ සභාපති ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment