
ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ්‍රි ලාංකීක ධීවරයින් පිරිසක් නිදහස් කර තිබේ. ධීවරයින් 16 දෙනෙකු මෙලෙස නිදහස් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා පැවසුවේය. එම පිරිස ඊයේ දිනයේදී මෙරටට ගෙන ඒමට නාවික හමුදාව පියවර ගෙන ඇත. ධීවරයින් සමඟ යාත්‍රා තුනක්ද තිබු බව වාර්තා වේ.
ඉන්දීය මුහුදු සීමාවේ නීති විරෝධි ලෙස මසුන් මැරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් මෙම පිරිස"රනිජින්දන්"නම් ඉන්දීය නෞකාව මගින් නාවික හමුදාව වෙත භාරදී තිබේ. නාවික හමුදාවට අයත්"එඩිතර"නෞකාව මගින් ඔවුන් කන්කසන්තුරේ දක්වා ගෙනවිත් ඔවුන්ගේ මුල්ගම්බිම් වෙත පිටත් කර හැරි බව අතුල සෙනරත් මහතා පැවසුවේය. මෙලෙස නිදහස ලබා ඇත්තේ මාතර, නිල්වැල්ල හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල ධීවරයින් පිරිසකි. adaderana
0 comments:
Post a Comment