
මෙරට ප්‍රධානතම ආදායම් මාර්ගය බවට අධ්‍යාපනය පත් කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල හා ඒකාබද්ධව විශ්ව විද්‍යාල 8ක් මෙරට ආරම්භ කොට එලෙස ආදායම් උපයන බව ඔහු පෙන්වා දෙයි. උඩුනුවර ගෙලිඔය මධ්‍යම මහ විද්‍යාලයේ පැවති උපාධි ධාරීන්ගේ සම්මේලනයක් අමතමින් එස්.බි.දිසානායක අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙරට විශ්ව විද්‍යාලවල පවතින පාඨමාලා අදට ගැළපෙන පරිදි ගුණාත්මක භාවයෙන් වර්ධනය කළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි. එවිට චීනය, ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල් රැසක දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මෙරටට පැමිණීමට සිදුවන බව එස්.බි.දිසානායක මහතා පෙන්වා දෙයි. දැඩි උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළහොත් මෙම අභියෝගයද ජයගත හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment