Monday, May 10, 2010

ප්‍රතිසංවිධාන යෝජනා සඳුදා රනිල් අතට


එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනා ලබන සඳුදා වන විට පක්ෂ නායකත්වය වෙත භාර‍දෙන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මහතා මේ අදහස් පළ කළේය. හෙට දිනයේදී අදාළ යෝජනා පක්ෂ නායකත්වය වෙත භාරදීමට නියමිතව තිබුණත් ප්‍රායෝගික හේතුන් මත ‍එය තවදුරටත් කල් ගත වූ බව ගයන්ත කරුණාතිලක මහතා පෙන්වා දෙයි.
ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුව අද සහ හෙට දිනයේ මෙන්ම ලබන සිකුරාදා දිනයේද රැස් වන බව එම කමිටුවේ සභාපති ජෝෂප් මයිකල් පෙරේරා මහතා සඳහන් කරයි. පසුගිය සිකුරාදා දිනයට පෙර පක්ෂ ප්‍රතිසංවිධානයට අදාළ යෝජනා කමිටුව වෙත භාරදීමට උපදෙස් දී තිබුණද ඇතැම් මන්ත්‍රීවරුන් තවදුරටත් යෝජනා භාරදෙමින් සිටින බව ‍ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.
කෙසේ වෙතත් පක්ෂයේ ඉහළ නිලතල සඳහා පුද්ගලයින් තෝරා ගැනීම ඡන්දයකින් සිදුකළ යුතු බවට ඉදිරිපත් වු යෝජනාව පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක්වන බව ඔහු සඳහන් කරයි. එම යෝජනාව ඇතුළුව පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනා ජුනි මාසයේදී පක්ෂ සම්මේලනයට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ‍ජෝශප් මයිකල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment