Monday, May 10, 2010

මධ්‍යම පළාත් විපක්ෂ ලොකු පුටුව ගැන සාකච්ඡාවක්


මධ්‍යම පළාතේ විපක්ෂ නායකවරයා පත් කිරීම සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළේය. මේ සඳහා මධ්‍යම පළාතේ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා ඇත.
පුරප්පාඩු වී ඇති මධ්‍යම පළාත් විපක්ෂ නායක ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා මධ්‍යම පළාත් සභා මන්ත්‍රී කේ.කේ පියදාස මහතා පත් කරනු ලැබීය. මෙම පත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභා බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල විය. එම නිසා මේ සම්බන්ධයෙන් අවසන් විසඳුමක් ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් සියලු මන්ත්‍රීවරුන් හමුවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. adaderana

0 comments:

Post a Comment