Saturday, April 24, 2010

සිරස මාධ්‍ය ජාලය අනතුරේ


මහරාජා සමූහ ව්‍යාපාරයට අයත් MBC මාධ්‍ය ජාලයේ විකාශන අවසර පත්‍රය මේ වන විට බලවත් තර්ජනයකට මුහුණ දී ඇති බව වාර්තා වේ. MBC මාධ්‍ය ජාලයේ අභ්‍යන්තර වාර්තා පවසන්නේ MBC මාධ්‍ය ජාලයේ ජම්මාන්තර හතුරෙකු ලෙස ප්‍රසිද්ධියේ පවා පෙනී සිටින මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය ලැබීම මෙයට හේතුව බවයි.
මීට පෙර වැරදි ප්‍රවෘත්තියක් විකාශය කිරීමේ කරුණ මුල් කර ගනිමින් එවකට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටි දුමින්ද සිල්වා මහතාගේ සොහොයුරාට අයත් ABC මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අහෝසි කළ ආකාරයට MBC මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අහෝසි කිරීමට අවශ්‍ය කරුණු රැස් කිරීමට මේ වන විට විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.
පසුගිය කාලයේදී සිරස මාධ්‍ය ආයතනයට කොටි ‍ලේබලය අලවා සිරස MBC මාධ්‍ය ඒකකය විරුද්ධව ප්‍රසිද්ධියේ උද්ඝෝෂන මෙහෙයවූ හා පසුගියදා එම ආයතනයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මර්වින් සිල්වා මහතාටම ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති පදවිය ලබාදීම පිළිබඳව බොහෝ පිරිස් සිය විමතිය මෙන්ම හාස්‍ය ද පළ කර ඇත. MBC මාධ්‍ය ආයතනයට ප්‍රසිද්ධියේ කැලණිය ඩිපෝවට අයත් බස් රථවලින් හා කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් හා කැලණිය අවට පිරිස් යොදවා පහරදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය මෙය බව මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ නම හෙළි කිරීමට අකමැති මාධ්‍යවේදියෙකු පැවසීය.lankatruth

අපෙන් කට්ටියක් ආණ්ඩුවට යනවා - රනිල් මංගලට කියයි


මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පෙරමු‍ණෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් ආණ්ඩුවට එක් වෙන බවත්, එහිදී පුරප්පාඩු වන පළමු ආසනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයට ලබා දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතා මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතාට පවසා ඇත. ඊයේ සවස රනිල් වික්‍රමසිංහ මහතා හා මංගල සමරවීර මහතා දුරකතනයෙන් කතාබහ කොට ඇති අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සිය පක්ෂයට ලබා නොදීම ගැන මංගල සමරවීර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා මුඛයෙන් කතා කොට ඇත.
මේ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී ධූරයන්හි පුරප්පාඩු වන පළමු අවස්ථාවේදීම එම මන්ත්‍රී ධූරය මංගල සමරවීර මහතාගේ පක්ෂයට ලබා ‍දෙන බවයි. මෙම පුරප්පාඩුව කුමක්දැයි මංගල සමරවීර මහතා විමසූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පෙරමු‍ණේ මන්ත්‍රීවරුන්ගෙන් කිහිපදෙනෙකු ආණ්ඩුවට යාමේ සූදානමක් පවතින බවත්, එසේ ආණ්ඩුවට ගිය වහාම තමන් විසින් මැතිවරණයට පෙර ලබා ගත් දින රහිත ඉල්ලා අස්වීමේ ලිපියට අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කරන බවත්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සාකච්ඡා කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ තමන් හමුවන ලෙස මංගල සමරවීර මහතාට පවසා ඇත. මෙහිදී මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමටත්, එහිදී එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීමත් සම්බන්ධව ද සාකච්ඡා කෙරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. lankatruth

බැසිල්ගෙන් මර්වින්ට ටොක්කක්


පසුගිය 18 වැනිදා කැලණිය ප්‍රාදේශීය මභා මන්ත්‍රීවරයෙකු යොදවා වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් කැලණිය ප්‍රදේශයේ සියලුම සුරා සැල් සිය කැලෑ නීතිය යොදවා වසා දැමු අතර, ඊ‍යේ එසේ වසා දැමූ සියලුම සුරා සැල් නැවත විවෘත කිරීමට බැසිල් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නියෝග කර ඇත. මේ අනුව ඊයේ සවස සිට කැලණිය ප්‍රදේශයේ සියලුම සුරා සැල් නැවත විවෘත කර තිබෙණු දක්නට ලැබිණි.
නමුත් මේ අතරින් තවමත් විවෘත කර නොමැති සුරා සැල් කිහිපයක්ද ඇති බව පැවසේ. මොවුන් තවමත් සිය සුරා සැල් විවෘත කිරීමට කැමැත්තක් දක්වා නොමැත. කෙසේ වෙතත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නියෝගයත් සමඟම ආචාර්ය මර්වින් සිල්වා මහතා දැඩි සේ කෝප වී ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව කටයුතු කිරීමට ඇති නොහැකියාව නිසා නිහඬව සිටීමට තීරණය කර ඇත.
මේ අතර කැලණිය ප්‍රදේශයේ මෙතෙක් පැවැති අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ අණසකට බැසිල් රාජපක්ෂ මහතාගේ මෙම නියොගයක් සමඟ බොහෝ හානියක් සිදු ව ඇති අතර, බොහෝ ව්‍යාපාරිකයින් පවසා ඇත්තේ මින් පසු මර්වින් සිල්වාට ඕනෑ හැටියට තමන් කටයුතු නොකරන බවත්, තමන් වෙනුවෙන් මර්වින් සිල්වාට එරෙහිව රාජපක්ෂවරයෙකු සිටින බවත්ය. මේ අනුව කැලණිය ප්‍රදේශයේ මර්වින් සිල්වා මහතාට සිය ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමේ බලවත් අසීරුතාවයක් මතු වනු ඇතැයි ද පැවසේ.lankatruth

ස්ථානාධිපතිට අවනත නැතැයි කිරිබත්ගොඩ පොලිසියේ 44 කට ස්ථාන මාරු


කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් 44 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලැබි ඇත. රාජකාරි අවශ්‍යතා මත යැයි පවසමින් අදාල ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එස්.දයානන්ද මහතා විසිනි. නමුත් වාර්තා වන අන්දමට මෙහි සැබෑ හේතුව වී ඇත්තේ අදාල පොලිස් නිලධාරීන් කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිට අවනත භාවයක් නොදැක්වීමයි.
මෙම ස්ථාන මාරුවීම් සඳහා වත්මන් රජයේ කැලණිය ප්‍රදේශයේ ඇමැතිවරයෙකු ඍජුවම සම්බන්ධව ඇත. ‍එනම් කිරිබත්ගොඩ පොලිසියේ වත්මන් පොලිස් ස්ථානාධිපති චමින්ද මහතා කිරිබත්ගොඩ පොලිසියට අනුයුත්ක කර ඇත්තේ වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා මහතා විසිනි. චමින්ද මහතාට පෙර සිටි සමරකෝන් බණ්ඩා මහතා කිරිබත්ගොඩ පොලිසියෙන් මාරු කර යවන ලද්දේද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අනුගතව සේවය නොකිරීම හේතුවෙනි. මර්වින් සිල්වා මහතා කැලණිය ආසන සංවිධායක ලෙස පත්වීම ලබා කිරිබත්ගොඩ මංසන්ධියට පැමිණි අවස්ථාවේදී එවකට කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස සේවය කළ සමරකෝන් බණ්ඩා මහතා අදාල අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් සමරකෝන් බණ්ඩා මහතාට අමාත්‍ය මර්වින් සිල්වා මහතා බැන වැදුණු ආකාරය එදින මාධ්‍ය මගින් පළ කෙරිණි.
මෙයින් ආරම්භ වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා පොලිසියට අත පෙවීමේ තත්ත්වය අවසන් වූයේ තමන්ට අවනත නොවන සමරකෝන් බණ්ඩා මහතාට ස්ථාන මාරුවීම් ලබා දී තමන්ට අනුකූල චමින්ද නමැත්තා කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති කිරීමෙනි. චමින්ද මහතා පසුගිය මැතිවරණයේදී ද අමාත්‍ය මර්වින් සිල්වා මහතාට ප්‍රසිද්ධියේ සහය දුන් බවත්, අමාත්‍යවරයාගේ නීති විරෝධී ක්‍රියා සාධාරණීකරණය කිරීමටත් කටයුතු කළ බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මැතිවරණය අවසන් ව අමාත්‍ය ධූර ලබාගත් වහාම මේ ආකාරයෙන් කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් 44 දෙනෙකු මාරු කිරීම ද, මැතිවරණ සමයේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහය ‍නොදැක්වීමත්, සහය දැක්වීම සම්බන්ධයෙන් වූ කිරිබත්ගොඩ ස්ථානාධිපති චමින්ද මහතාගේ නියෝගයන් නොසැලකීමත් බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.lankatruth

නියෝජ්‍ය නායකකම හැර වෙන ඒව මට එපා - සජිත් කියයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරය හැර වෙනත් කිසිදු තනතුරක් තමන්ට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. ඒ මහතා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අවස්ථාවකදීය.
මෙහිදී පිරිස පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට රුක්මන් සේනානායක මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ උප සභාපති ධූරය භාර ගන්නා ලෙසයි. වත්මන් පක්ෂ නායකත්වය වහා වෙනස් වය යුතු බවත්, වත්මන් පක්ෂ නායකත්වය තිබෙන තුරු තමන්ට කිසිදු මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගත නොහැකි බවත් මෙහිදී පිරිස පවසා ඇත. නමුත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ උප සභාපති ධූරයෙන් තමන්ට වැඩක් නොමැති බවත්, පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් මෙහා කිසිදු තනතුරක් තමන් භාර නොගන්නා බවයි.
කෙසේ වෙතත් පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවී කළ රහසිගත සාකච්ඡාව පිළිබඳව මෙම පිරිස් සාකච්ඡා කර ඇති අතර, පක්ෂයේ අභ්‍යන්තර රහස් ආණ්ඩු පක්ෂය දෙනු ලබන්නේ පක්ෂ නායකත්වය විසින්ම යන චෝදනාවද මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතාට බරපතල ලෙස එල්ල වී ඇත. lankatruth

රට හදන අලුත් මණ්ඩලය


නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය. නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි අමාත්‍යවරුන් 39 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය.adaderana

රාත්‍රී සමාජ ශාලා වැටලීමක්


කොළඹ නගරයේ පවත්වා ගෙන ගිය නීතී විරෝධී රාත්‍රී සමාජ ශාලා කිහිපයක් වලාන දූෂණ මර්දන ඒකකය විසින් වැටලීම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේ එවැනි රාත්‍රී සමාජ ශාලා 12 ක් වැටලීම් කළ බවය.
බලපත්‍ර නොමැතිව පවත්වා ගෙන ගිය රාත්‍රී සමාජ ශාලා සහ බලපත්‍ර උල්ලංඝණය කරමින් මත්පැන් විකිණූ රාත්‍රී සමාජ ශාලා මෙසේ වැටලීම් වලට ලක් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. කොළඹ නග‍රයේ මෙන්ම ‍අනෙකුත් ප්‍රදේශ වල පවත්වා ගෙන යන රාත්‍රී සමාජ ශාලා මෙලෙස පොලිස්පතිවරයාගේ විශේෂ උපදෙස් පරිදි වැටලීම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana

ලිපිය වහාම ඉල්ලා අස්කරගන්නැයි ඉල්ලයි


අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත නිකුත් කර ඇති ලිපිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය ඉල්ලා සිටියි. ගුරු සේවයේ උසස්වීම් සහ අන්තර්ගහන ක්‍රියාවලිය මෙම ලිපිය මඟින් අර්බුදයකට ලක් කර ඇති බව එම සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් කියා සිටියි.
වැටුප් ලබා දීමේ ක්‍රියාවලිය ද යළිත් වරක් අර්බුදයකට ලක් වන බව අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි මහතා පවසයි. අදාළ ලිපිය අහෝසි කිරීමට ක්‍රියා නොකළහොත් ගුරු අයිතීන් රැක ගැනී‍ම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදු වන බවට එම සංගමය අනතුරු අඟවා සිටියි. adaderana

ළමා සුබ සාධනයට වැඩි අවධානය


අවතැන් වූ කඳවුරුවල සහ යුද්ධයෙන් විපතට පත්වූ ළමුන්ගේ සුභසාධනය වෙනුවෙන් රජය වැඩි අවධානයක් යොමු කරන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ළමුන්ගේ ජීවිත පසුගිය දශක තුනක කාලය තුළ අනතුරකට ලක්වූ බව ඔහු පෙන්වා දෙයි. යුද්ධය හේතුවෙන් ආබාධිත වූ මෙන්ම මව්පියන් අහිමි වූ දරුවන් දහස් ගණනක් එම පළාත්වල සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරය‍ා සඳහන් කළේය.
එම දරුවන් වෙනුවෙන් විධිමත් අධ්‍යාපනයක් මෙන්ම යහපත් අනාගතයක් සකස් කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව හිස්බුල්ලා මහතා මඩකලපුව ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය. adaderana

එජාපයේ සැබෑ ප්‍රතිසංවිධානයක් ළඟදීම


එක්සත් ජාතික පක්ෂය තුළ මෙවර සැබෑ ප්‍රතිසංවිධානයක් සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්ට නිසි තැන ලබාදීම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. පක්ෂය තුළ තීරණ ගැනීමේ දී රට පිළිබඳව ගැඹුරින් සිතා බලා තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ප්‍රබලයින්ට පක්ෂය තුළ වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදිය යුතු බව ද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. adaderana

ජී.එස්.පී. ලබාගැනීමේ වගකීම තියෙන්නේ රජයට


ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාගැනීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා රජයට බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් සැවේජ් මහතා පවසයි. ජී.එස්.පී ප්ලස් සහනය ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව ද සැවේජ් මහතා සඳහන් කළේය. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් පිරිසක් අමතමිනි.
ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීම සඳහා පවතින බාධක ජයගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව සැවේජ් මහතා මෙහිදී පෙන්වා දී ඇත. යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය නගා සිටුවීම සඳහා සහය ලබාදීමට ‍යුරෝපා සංගමය සූදානම් බව ද සැවේජ් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. adaderaana

චන්දන කත්‍රිආරච්චිගේ නිවසට ප්‍රහාරයක්


එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව චන්දන කත්‍රිආරච්චි මහතා පැවසුවේය. ඊයේ පස්වරුවේ මෙය සිදුවූ බව ඔහු කියා සිටියි. adaderana

තිබුණු ධුරයත් නෑ


මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ කිසිඳු මන්ත්‍රීවරයෙකු ඇමති ධුරයන්හි දිවුරුම් දීම ඊයේ සිදුවූයේ නැත.
පසුගිය ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යධුර දැරූ කිහිපදෙනෙකුම මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ආචාර්ය සරත් අමුණුගම, කෙහෙළිය රඹුක්වැල්ල ඉන් ප්‍රධානය. පසුගිය ආණ්ඩුවේ බලශක්ති කැබිනට් නොවන අමාත්‍ය ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියි. එස්.බී. දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයෙන් එම දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මේ අතර පසුගිය අමාත්‍ය මණ්ඩලයේ තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරය දැරූ ආරුමුගම් තොණ්ඩමන් මහතාට මෙවර අමාත්‍ය ධුරයක් හිමිවී නැත. පසුගිය ඇමති මණ්ඩලයේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ධුරය දැරූ නවීන් දිසානායක මහතාට ද මෙවර ඇමති ධුරයක් හිමි නොවීම විශේෂත්වයකි. adaderana

රනිල්ව ඉවත් කිරීමේ යෝජනාවක් නෑ


රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කිසිඳු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව ජාතික නීතීඥ සංගමය පවසයි.
පසුගිය දා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති සාකච්ඡාවේ දී එවැනි කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොවූ බව එම සංගමයේ අජිත් පතිරණ මහතා අවධාරණය කරයි. adaderana

Friday, April 23, 2010

සන්ධාන නායකයින්ගේ වැඩ අශීලාචාරයිæ අකෘතඥයිæ අශෝභනයිæ ප්‍රජාතන්ත්‍ර විරෝධියිæææ -වීරවංශ ආණ්ඩුවට එරෙහිව ගිනියම් වෙයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 22, ප.ව.5.20) ජාතික නිදහස් පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක නියමිත පරිදි තම පක‍ෂයට ලබා නොදීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් කළ අශීලාචාර, අශෝභන, ප්‍රජාතන්ත්‍ර විරෝධී, අකෘතඥ කි්‍රයාව දැඩි ලෙස තමන් හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) පෙරවරුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම මුලදී උපකාර ලබාගත් අය පසුව ඉවත් කරන න්‍යාය මත කි්‍රයා කරන රාජපක‍ෂ ආණ්ඩුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් එසේම සැලකූ බව යමෙක් පැවසුවහොත් තමා කිසිවක් නොකියා එය අසා සිටින බවත් පැවැසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේදී ජෙනරාල් ෆොන්සේකාට වක්‍රව උදව් කළ මානව හිමිකම් අමාත්‍යංශයේ ලේකම් රජීව විෙජ්සිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එත්දී ලක‍ෂ 300 කට තම මන්ත්‍රීධූරය පාවා නොදී එය රටට හෙළි කළ මුසම්මිල් මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් ඉවතට දැමීම එක්සත් ජනතා නිදහස් සන්ධානය කළ බලවත් අසාධාරණයක් බව ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමඟ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහභාගී වූ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධානයේ සෙසු පක‍ෂ පිළිබඳ තීරණ ගැනීමට සැරසෙන්නේ ලැබුණු ජනවරමින් ඔහුගේ ඔලූව ඉදිමී ඇති නිසා බවත් එසේම ලැබුණු ජනවරම වැරදි ලෙස අර්ථකථනය කරගෙන ඇති නිසා බවත්ය.
වීරවංශ මහතා තවදුරටත් මෙසේද ප්‍රකාශ කර සිටියේය.
zසුසිල් ප්‍රේමජයන්ත සන්ධානයේ මහලේකම් වුණාට ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නොවෙයි. ජනතාව මේ ජනවරම දුන්නේ කාටවත් ඔලූව ඉදිමවා ගන්න නොවෙයි. සහෝදර දේශපාලන පක‍ෂ නොතකා හැර ගමනක් යන්නත් නොවෙයි. ඒ නිසා මේ කළ නින්දිත කි්‍රයාව ජා.නි.පෙ. දැඩි ලෙස හෙළා දකිනවා. හෙට දේශපාලනයෙන් එලියට වැටුණත් අප ඉන්න කාලයේ කාටවත් යට වෙන්නේ නැතිව හරියට දේශපාලනය කරනවා.Z
zමේ රටේ ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නැහැ. අප මේ ජනවරම ගොඩ නැගුවෙ රජීව විෙජ්සිංහල ඇතුලට ගන්නත් මුසම්මිල් එලියට දාන්නත් නොවෙයි. සන්ධාන ආණ්ඩුවෙ ඉන්න කාලේ අපි හරියට ඉන්න බැරි නම් ඉන්නෙත් නැහැ. ඒ නිසා ජනතාව මේ ලැබුණු ජනවරම ආරක‍ෂා කරන්න පෙළ ගැසිය යුතුයි. ශ්‍රීලනිපයට විශාල මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලැබී තිබියදී ඔවුන් සදාචාරවත් විය යුතුයි. සෙසු සහෝදර පක‍ෂවලට සලකන්න. එසේ සදාචාරය නොසලකා දේශපාලන ගමනක් යා නොහැකියි.Z
වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න හා ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍ර: ජනාධිපතිවරයා සමඟ මෙම ගැටළුව සාකච්ඡා කළේ නැද්ද?

පි: මා ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගන්න උත්සාහ ගත්තත් නොහැකි වුණා. ඒ අතරතුර සුසිල් ප්‍රේමජයන්ත මහතා මේක මැතිවරණ ලේකම්වරයාට බාරදීලා.

ප්‍ර: ඔබට ලැඛෙන්නේ නිවාස අමාත්‍යංශය බවට කට කථා යනවා.

පි: මා දන්නේ නැහැ මොනව ලැඛෙනවද කියලා. මොනව ලැබුණත් රටට වැඩ කරනවා.

ප්‍ර: ඔබගේ මානප සංඛ්‍යාව අඩු කළා කියා කට කථා පැතිරුණා?

පි: ඔව් එහෙම කථා මහජනතාව අතර ගියා නමුත් මා ඒ ගැන සොයා බැලූවේ නැහැ.

ප්‍ර: මෙලෙස චෝදනා කිරීම ඉදිරිගමනට හොඳ නැහැ නේද?

පි: හොඳ නැති නිසා තමයි මෙහෙම කියන්නේ. මේ ක්‍රමය සුදුසු නැහැ. මෙය දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. රජීව විෙජ්සිංහ හොඳ වෙන්නෙ කොහොමද මුසම්මිල්ට වඩා.

ප්‍ර: මෙලෙස ප්‍රකාශ කිරීම දේශපාලන සතුරන්ට අවස්ථාවක් ලබාදීමක් නේද?

පි: මේ ක්‍රමයට ගියොත් සතුරන්ට වාසියි. ඒ නිසයි මුලින්ම මේ වැරදි සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා බල කරන්නෙ. සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් සෙසු පක‍ෂවලට වෙන් කළේ ආසන 6 යි.

ප්‍ර: පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 3 ක් පමණක් හිමි කරගෙන සිටින ඔබේ පක‍ෂය ආණ්ඩුවට කළ හැකි බලපෑමක් තිඛෙනවාද?

පි: පාර්ලිමේන්තුවේ තනියෙන් මා හිටියත් මා කිව යුතු දේ කියනවා. වැරදි දේට අවනත වෙන්නෙ නැහැ. ඒ නිසාම ඊලඟ මැතිවරණයේදී දේශපාලනයෙන් යන්නත් පුළුවන්. මේ කීම හරහා නරක ප්‍රතිඵල ලැඛෙන්නත් හොඳ ප්‍රතිඵල ලැඛෙන්නත් පුළුවන්. ඒ දෙකම අපි භාර ගන්නවා.

ප්‍ර: රාජපක‍ෂ ආණ්ඩුවේ විරුද්ධවාදීන් කියන්නේ මුලදී උපකාර ලබා ගත් අය පසුව ඉවත් කර දමන න්‍යායක් අනුගමනය කරන බවයි. මෙය ඔබටත් ගැලපේද?
පි: කවුරු හරි එහෙම කිව්වොත් මා මුකුත් නොකියා අහගෙන ඉන්නවා.
ප්‍ර: කරුණා අම්මාන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනැමීම සාධාරණද?
පි: ඔව් ඔහු එල්ටීටීඊය පරාජය කළ සටනේ විශාල කාර්යයභාරයක් කළ කෙනෙක්. ඔහුට කළ ගුණ සැලකිය යුතුයි. ඔහුත් ජාතික ලැයිස්තුවට ආවෙ බොහොම අමාරුවෙන්. අන්තිමටයි ඔහු ෆුට් බෝඩ් එකේ එල්ලූනේ.
ඡායාරූපය හා වාර්තාව: සංජය දසනායක

කැබිනට් ඇමතිවරු 37ක්


නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය. එම අමාත්‍යවරුන් මෙසේය.
ඒ අනුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත්, රත්නසිරි වික්‍රමනායක මහතා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත්, නිමල් සිරිපාල ද සිල්වා මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ. ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත් මහතාත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් දිවුරුම් දෙනු ලැබීය. ඩග්ලස් දේවානන්ද මහතා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය අමාත්‍යවරයාය.
ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙසත් ඩීව් ගුණසේකර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත්, රිෂාද් බදුයුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, විමල් වීරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නෝය. පාඨලී චම්පික රණවක මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාය. පී. දයාරත්න මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ‍ලෙසත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙ‍විරත්න මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, සුමේධා ජී. ජයසේන මහත්මිය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරිය ලෙසත් අද දිවුරුම් දෙනු ලැබීය. ආතාවුද සෙනෙවිරත්න මහතා නව අධිකරණ අමාත්‍යවරයාය.
බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරංසිංහ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මහතා ධීවර හා ජලසම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, පියසේන ගම‍ගේ මහතා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්, එස්.බී. නාවින්න මහතා ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙසත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ. ෆීලික්ස් ‍පෙරේරා මහතා සමාජ සේවා අමාත්‍යවරයාය. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සී.බී. රත්නායක මහතාත්, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කුමාර වෙල්ගම මහතාත්, තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාත්, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් දිවුරුම් දුන්නේය. ගාමිණී ලොකුගේ මහතා කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යවරයාය. මිල්රෝයි ප්‍රනාන්දු මහතා නැවත පදිංචි කිරී‍මේ අමාත්‍යවරයා ලෙසත්, ජීවන් කුමාරතුංග මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරිය ලෙසත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් තිස්ස කරලියද්ද මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නෝය.
මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනකු ද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරට සාලින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, ජගත් පුෂ්පකුමාර, ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ගුණරත්න වීරකෝන්, මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළත්ය. ඊට අමතරව පණ්ඩු බණ්ඩාරනායක, ජයරත්න හේරත්, දයාශ්‍රිත තිසේරා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, නිර්මල කොතලාවල, ප්‍රේමලාල් ජයසේකර, ගීතාංජන ගුණවර්ධන, විනයාගමූර්ති මුරලිදරන්, ඉන්දික බණ්ඩාරනායක, මුත්තු ශිවලිංගම්, සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ද නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නෝය. ඩබ්ලිව්.බී. ඒකනායක, චන්ද්‍රසිරි සූරියආරච්චි, නියොමාල් පෙරේරා, සරත් කුමාර ගුණරත්න, නන්දිමිත්‍ර ඒකනායක, නිරූපමා රාජපක්ෂ, ලලිත් දිසානායක, සරණ ගුණවර්ධන, රෙජිනෝල්ඩ් කු‍ෙර්, විජිත් විජයමුණි සොයිසා, වීරකුමාර දිසානායක සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්ම මහත්මීන් ද අද දිවුරුම් දුන්නේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසය. adaderana

නව ඇමතිවරු දිවුරුම් දෙයි


නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ‍එම දිවුරුම් දීම සිදුවුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දීය. කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය.
කෙසේවෙතත් අදාළ අමාත්‍යවරුන්ගේ විෂය පථය කුමක් ද යන්න මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැත. ඒ අනුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, ඒ.එච්.එම්. ෆවුසි, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩීව් ගුණසේකර, රිෂාද් බදුයුදීන්, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම දෙනු ලැබීය. කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස පී. දයාරත්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙ‍විරත්න, සුමේධා ජී. ජයසේන, මිල්රෝයි ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, පවිත්‍රා වන්නිආරච්චි, අනුර ප්‍රියදර්ශන යාපා, තිස්ස කරලියද්ද, ආතාවුද සෙනෙවිරත්න, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිවරයා ඉදිරි‍යේ දිවුරුම් දුන්නෝය. මහින්ද සමරංසිංහ, රාජිත සෙනෙවිරත්න, පියසේන ගම‍ෙග්, එස්.බී. නාවින්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෆීලික්ස් ‍ෙපරේරා, සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද කැබිනට් මණ්ඩලයට ඇතුළත්ය.
මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනකු ද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සාලින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, ජගත් පුෂ්පකුමාර, ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ගුණරත්න වීරකෝන්, මර්වින් සිල්වා, පණ්ඩු බණ්ඩාරනායක, ජයරත්න හේරත්, දයාශ්‍රිත තිසේරා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, නිර්මල කොතලාවල, ප්‍රේමලාල් ජයසේකර, ගීතාංජන ගුණවර්ධන, විනයාගමූර්ති මුරලිදරන්, ඉන්දික බණ්ඩාරනායක, මුත්තු ශිවලිංගම්, සිරිපාල ගම්ලත්, ඩබ්ලිව්.බී. ඒකනායක, චන්ද්‍රසිරි සූරියආරච්චි, නියොමාල් පෙරේරා, සරත් කුමාර ගුණරත්න, නන්දිමිත්‍ර ඒකනායක, නිරූපමා රාජපක්ෂ, ලලිත් දිසානායක, සරණ ගුණවර්ධන, රෙජිනෝල්ඩ් කු‍ෙර්, විජිත් විජයමුණි සොයිසා එම අමාත්‍යවරුන්ය. adaderana

තලංගම රිය අනතුරකින් කාන්තාවක් මියයයි


තලංගම, හෝකන්දර මංසන්ධියේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අදාළ කාන්තාව ත්‍රිරෝද රථයක ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. තුවාල ලැබූ අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. ත්‍රිරෝද රථයේ රියදුරු ද කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. adaderana

තවත් සිව් දරු නිවුන් උපතක්


කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී අද දින පෙරවරුවේ සිව් නිවුන් දරු උපතක් සිදුවූ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ආනන්ද මහතා පවසයි. මෙම දරුවන් සිව්දෙනාම පිරිමි දරුවන් වන අතර එක් දරුවකු උපදින විටත් මියගොස් සිට ඇති අතර එම දරුවා අඩු බර සහිත දරුවෙක් බව ද සඳහන්ය.
අනෙක් දරුවන් තිදෙනාම මේ වනවිට විශේෂිත ළමා ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් තිදෙනාම සුවයෙන් පසුවන බව රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. මෙම සිව් නිවුන් දරුවන් අද දින ඇඹිලිපිටිය ප්‍රදේශයේ මවක් විසින් බිහිකර ඇති අතර සිසේරියන් සැත්කමක් මගින් එම දරු ප්‍රසූතිය සිදු කර තිබේ. adaderana

පළාත් පාලන මැතිවරණය 2011 දී -මෛත්‍රීපාල


මනාප ක්‍රමය වෙනස් කිරීමට රජය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව මනාප ක්‍රමය වෙනස් කිරීමෙන් පසු 2010 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මීළඟ පළාත් පාලන මැතිවරණය 2011 වසරේ පැවැත්වෙන බව ද ඒ මහතා සඳහන් කළේය. ඔහු මේ බව පැවසුවේ අද කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදීය. adaderaana

ගල්කිස්සේ පුද්ගල ඝාතනයක්


ගල්කිස්ස, බෙලෙක්කඩේ මංසන්ධියේ සිනමා ශාලාවක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පැවසුවේය. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම, ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් ජිනදාස නැමති 29 හැවිරිදි තරුණයෙකි. ඔහු ගුවන් හමුදා සෙබළෙකු බවට අනාවරණය වී ඇත.
ගැටුමට මැදි වූ සිනමා ශාලාවේ හිමිකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.adaderana

පීලි පැනීමක් නිසා දුම්රිය ගමන නවතී


දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් නාවලපිටිය - මහනුවර සහ නාවලපිටිය - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද අළුයම 2.30 ට පමණ පේරාදෙණිය සහ ගම්පොළ අතර ප්‍රදේශයේ දී පීලි පැනීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය. දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ එම් 2 ක වර්ගයේ එන්ජිමක් පීලි පැනීමට ලක්ව තිබෙන බව සදහන්ය.
ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. නාවලපිටිය සහ මහනුවර ආපදා රථ යොදා ගනිමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වුවද කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා මහනුවර සහ මාතලේ දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව විජය සමරසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේය. adaderana

හදිසි නීතිය ඉවත් කළ යුතුයි -ක්ෂමා සංවිධානය


යුද්ධය නිමා වීමෙන් පසු ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් හදිසි නීතිය ඉවත් කිරීමට පියවර ගත යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසයි.
හදිසි නීතිය යටතේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන පනත ඇතුළු නීතී ක්‍රියාත්මක වන බව එහි ආසියා පැසිෆික් කලාප පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ මධූ මල්හෝත්‍රා මහතා සඳහන් කරයි. අත්තෝනෝමතිකව සිරභාරයට ගැනීම සහ රහස් රැඳවුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යාමට මෙය උපකාරී වී ඇති බව ඔහු පෙන්වා දෙයි.
පසුගිය වසර තුළ දී රජය විසින් හදිසි නීතිය උපයෝගී කර ගනිමින් ජනමාධ්‍යවේදීන්, විරුද්ධ දේශපාලන මතධාරීන් සහ වෘත්තීය සමිති මර්දනය කළ බවට ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය චෝදනා කරයි. එබැවින් හදිසි නීතිය අවලංගු කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔවුන් මෙරට රජයෙන් ඉල්ලා සිටියි. adaderana

අත්අඩංගුවට ගත් අය අතර ප්‍රධාන එල්.ටී.ටී.ඊ සාමාජිකයන්


මැලේසියාවේ දී විවිධ චෝදනා යටතේ අත්අංඩගුවට ගත් විදේශිකයන් අතර එල්.ටී.ටී.ඊ ප්‍රධාන පෙළේ සමාජිකයන් ද සිටින බව මැලේසියාව පවසයි.
මෙරට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැලේසියාවේ දී හමුවීමෙන් පසුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධාතුක් සෙරි හිෂම්මුදීන් හුසේන් , මේ බව ප්‍රකාශ කර ඇත. එරට පැවැත්වෙන ආරක්ෂක සේවා ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මලයාසියාවට ගිය අවස්ථාවේ දී මෙම හමුව සිදු වී ඇති බව සඳහන්ය. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇත්තේ 2008 වස‍රේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ අදාළ වැරදි සම්බන්ධයෙන් විදේශිකයන් 599 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.
මත්ද්‍රව්‍ය වැරදි, හොර බඩු ජාවාරම් ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබේ. විදේශිකයන් විසින් අපරාධ සඳහා මලයාසියානු භූමිය යොදා ගැනීම වැළැක්වීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ද ධාතුක් සෙරි මහතා සඳහන් කළේය.adaderana

මම වැඩකළේ ප්‍රතිපත්තියට -සුසිල්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 17 දෙනා නම් කිරීමේ දී ප්‍රතිපත්තිමය තීරණ වලට අනුව පමණක් කටයුතු කළ බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්‍ මහතා පවසයි.
29 දෙනෙ‍කුගෙන් යුතු ජාතික ලැයිස්තු නාම ලේඛනය නාම යෝජනා භාර දුන් අවසන් දිනයේ දී මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි. ඒ අනුව සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17 සඳහා නියෝජිතයන් පත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ ඇති කර ගත් එකඟතා මත සිදු කළ බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා පෙන්වා දෙයි.
අදාළ සාකච්ඡා වල දී හවුල්කාර දේශපාලන පක්ෂ සඳහා ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරය බැගින් ලබා දීමට එකඟ වී ඇති අතර ඒ පිළිබඳ පූර්ව දැනුම් දීමක් සිදු කළ බව ද ඔහු අවධාරණය කරයි. තමාට අදාළ කාර්යය සම්බන්ධයෙන් අත්නෝමතික තීරණ ගත නොහැකි බව පෙන්වා දෙන සුසිල් ප්‍රේමජයන්ත් මහතා විමල් වීරවංශ මහතා එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද සඳහන් කළේය.
කෙසේ වුවද ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ සුසිල් ප්‍රේමජයන්ත් මහතා ජනතා වරම වැරදි ලෙස අර්ථකථනය කර ගනිමින් හිස උදුමවා ගෙන කටයුතු කරන බවය. ජාතික නිදහස් පෙරමු‍ණට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධුරයක් පමණක් ලබා දීම මෙම අර්බුදයට හේතු වී ඇත. adaderana

කි‍ඳෙල්පිටිය යළි රක්ෂිත බන්ධනාගාරයට


පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ මාධ්‍යවේදී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා ලබන 6 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කිදෙල්පිටිය මහතා සතු වූ බව කියන ගිනි අවියක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඒ අනුව ලබන 6 වැනිදා ඊට අදාළ රස පරීක්ෂක වාර්තාවක් ඉදිරිපත් කිරීමට යොමු කරන ලෙස අධිකරණය නියෝග කර ඇත. කෙසේ වුවද විත්තියේ නීතීඥයන් විසින් පොලිසියේ ක්‍රියා පටිපාටිය පිළිබඳ මෙහි දී විවේචන එල්ල කර තිබේ.adaderana

කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම්දෙයි


නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය හෙට පස්වරු 2 ට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා‍ පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇතැයි සඳහන් වේ.
මෙහිදී අමාත්‍ය මණ්ඩලය උපරිමය 40 කට සීමාවන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ඒ හා සමානව නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාවක් ද පිරිනමන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.adaderana

Thursday, April 22, 2010

තන නිදහස්-එතැන උදහස්


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හමුදා අත්අඩංගුවේ පසුවන අතරම අද දින(22)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් 07 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගී විය.එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මෙන්ම අනුර කුමාර දිසානායක යන මහත්වරුන් එක්ව පාර්ලිමේන්තු සභා ගර්භයේදී සුහද කතා බහක නියැළී සිටින අයුරු කැමරා කාචයේ සටහන් වූ අයුරු. adaderana

වම්බටු රංජිත් වෙඩිවැදී මරුදකියි


සූරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අලුයම 2 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව, උණුදිය පොකුණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ කංකානම්ගේ රංජිත් නොහොත් වම්බටු රංජිත් නැමැත්තෙකි.
නාදුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී ‍‍නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.adaderana

මෙය අශෝභන ක්‍රියාවක් -විමල්


ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් ලබාදෙන බවට රජය පොරොන්දු වුව ද අවසානයේ එක් මන්ත්‍රී ධූරයක් පමණක් ලබාදීම අශෝභන ක්‍රියාවක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
පසුගිය අප්‍රේල් 20 වන දින මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත් හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති රැස්වීමකදී ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් ලබාදිය හැක්කේ එක් මන්ත්‍රී ධුරයක් පමණක් යැයි දැනුම් දුන් බව ද වීරවංශ සඳහන් කළේය. නමුත් එහිදී ඒ වෙනුවෙන් ජාතික පෙරමුණේ විරෝධය පළ කරමින් මන්ත්‍රී ධූර 02ක් අවශ්‍ය බවට අවධාරණය කළ බවත් ඒ මහතා පවසයි. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා වෙත මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කළ බවද වීරවංශ මහතා ප්‍රකාශ කළේය. adaderana