Friday, April 23, 2010

සන්ධාන නායකයින්ගේ වැඩ අශීලාචාරයිæ අකෘතඥයිæ අශෝභනයිæ ප්‍රජාතන්ත්‍ර විරෝධියිæææ -වීරවංශ ආණ්ඩුවට එරෙහිව ගිනියම් වෙයි


(ලංකා ඊ නිව්ස් 2010 අප්‍රේල් 22, ප.ව.5.20) ජාතික නිදහස් පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක නියමිත පරිදි තම පක‍ෂයට ලබා නොදීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් කළ අශීලාචාර, අශෝභන, ප්‍රජාතන්ත්‍ර විරෝධී, අකෘතඥ කි්‍රයාව දැඩි ලෙස තමන් හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (22) පෙරවරුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
එමෙන්ම මුලදී උපකාර ලබාගත් අය පසුව ඉවත් කරන න්‍යාය මත කි්‍රයා කරන රාජපක‍ෂ ආණ්ඩුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාටත් එසේම සැලකූ බව යමෙක් පැවසුවහොත් තමා කිසිවක් නොකියා එය අසා සිටින බවත් පැවැසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සමයේදී ජෙනරාල් ෆොන්සේකාට වක්‍රව උදව් කළ මානව හිමිකම් අමාත්‍යංශයේ ලේකම් රජීව විෙජ්සිංහ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එත්දී ලක‍ෂ 300 කට තම මන්ත්‍රීධූරය පාවා නොදී එය රටට හෙළි කළ මුසම්මිල් මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් ඉවතට දැමීම එක්සත් ජනතා නිදහස් සන්ධානය කළ බලවත් අසාධාරණයක් බව ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමඟ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහභාගී වූ මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධානයේ සෙසු පක‍ෂ පිළිබඳ තීරණ ගැනීමට සැරසෙන්නේ ලැබුණු ජනවරමින් ඔහුගේ ඔලූව ඉදිමී ඇති නිසා බවත් එසේම ලැබුණු ජනවරම වැරදි ලෙස අර්ථකථනය කරගෙන ඇති නිසා බවත්ය.
වීරවංශ මහතා තවදුරටත් මෙසේද ප්‍රකාශ කර සිටියේය.
zසුසිල් ප්‍රේමජයන්ත සන්ධානයේ මහලේකම් වුණාට ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නොවෙයි. ජනතාව මේ ජනවරම දුන්නේ කාටවත් ඔලූව ඉදිමවා ගන්න නොවෙයි. සහෝදර දේශපාලන පක‍ෂ නොතකා හැර ගමනක් යන්නත් නොවෙයි. ඒ නිසා මේ කළ නින්දිත කි්‍රයාව ජා.නි.පෙ. දැඩි ලෙස හෙළා දකිනවා. හෙට දේශපාලනයෙන් එලියට වැටුණත් අප ඉන්න කාලයේ කාටවත් යට වෙන්නේ නැතිව හරියට දේශපාලනය කරනවා.Z
zමේ රටේ ජනතාවගේ බලාපොරොත්තුත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නෙ නැහැ. අප මේ ජනවරම ගොඩ නැගුවෙ රජීව විෙජ්සිංහල ඇතුලට ගන්නත් මුසම්මිල් එලියට දාන්නත් නොවෙයි. සන්ධාන ආණ්ඩුවෙ ඉන්න කාලේ අපි හරියට ඉන්න බැරි නම් ඉන්නෙත් නැහැ. ඒ නිසා ජනතාව මේ ලැබුණු ජනවරම ආරක‍ෂා කරන්න පෙළ ගැසිය යුතුයි. ශ්‍රීලනිපයට විශාල මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලැබී තිබියදී ඔවුන් සදාචාරවත් විය යුතුයි. සෙසු සහෝදර පක‍ෂවලට සලකන්න. එසේ සදාචාරය නොසලකා දේශපාලන ගමනක් යා නොහැකියි.Z
වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න හා ලැබුණු පිළිතුරු මෙසේය.

ප්‍ර: ජනාධිපතිවරයා සමඟ මෙම ගැටළුව සාකච්ඡා කළේ නැද්ද?

පි: මා ජනාධිපතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගන්න උත්සාහ ගත්තත් නොහැකි වුණා. ඒ අතරතුර සුසිල් ප්‍රේමජයන්ත මහතා මේක මැතිවරණ ලේකම්වරයාට බාරදීලා.

ප්‍ර: ඔබට ලැඛෙන්නේ නිවාස අමාත්‍යංශය බවට කට කථා යනවා.

පි: මා දන්නේ නැහැ මොනව ලැඛෙනවද කියලා. මොනව ලැබුණත් රටට වැඩ කරනවා.

ප්‍ර: ඔබගේ මානප සංඛ්‍යාව අඩු කළා කියා කට කථා පැතිරුණා?

පි: ඔව් එහෙම කථා මහජනතාව අතර ගියා නමුත් මා ඒ ගැන සොයා බැලූවේ නැහැ.

ප්‍ර: මෙලෙස චෝදනා කිරීම ඉදිරිගමනට හොඳ නැහැ නේද?

පි: හොඳ නැති නිසා තමයි මෙහෙම කියන්නේ. මේ ක්‍රමය සුදුසු නැහැ. මෙය දේශපාලන සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. රජීව විෙජ්සිංහ හොඳ වෙන්නෙ කොහොමද මුසම්මිල්ට වඩා.

ප්‍ර: මෙලෙස ප්‍රකාශ කිරීම දේශපාලන සතුරන්ට අවස්ථාවක් ලබාදීමක් නේද?

පි: මේ ක්‍රමයට ගියොත් සතුරන්ට වාසියි. ඒ නිසයි මුලින්ම මේ වැරදි සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා බල කරන්නෙ. සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් සෙසු පක‍ෂවලට වෙන් කළේ ආසන 6 යි.

ප්‍ර: පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර 3 ක් පමණක් හිමි කරගෙන සිටින ඔබේ පක‍ෂය ආණ්ඩුවට කළ හැකි බලපෑමක් තිඛෙනවාද?

පි: පාර්ලිමේන්තුවේ තනියෙන් මා හිටියත් මා කිව යුතු දේ කියනවා. වැරදි දේට අවනත වෙන්නෙ නැහැ. ඒ නිසාම ඊලඟ මැතිවරණයේදී දේශපාලනයෙන් යන්නත් පුළුවන්. මේ කීම හරහා නරක ප්‍රතිඵල ලැඛෙන්නත් හොඳ ප්‍රතිඵල ලැඛෙන්නත් පුළුවන්. ඒ දෙකම අපි භාර ගන්නවා.

ප්‍ර: රාජපක‍ෂ ආණ්ඩුවේ විරුද්ධවාදීන් කියන්නේ මුලදී උපකාර ලබා ගත් අය පසුව ඉවත් කර දමන න්‍යායක් අනුගමනය කරන බවයි. මෙය ඔබටත් ගැලපේද?
පි: කවුරු හරි එහෙම කිව්වොත් මා මුකුත් නොකියා අහගෙන ඉන්නවා.
ප්‍ර: කරුණා අම්මාන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනැමීම සාධාරණද?
පි: ඔව් ඔහු එල්ටීටීඊය පරාජය කළ සටනේ විශාල කාර්යයභාරයක් කළ කෙනෙක්. ඔහුට කළ ගුණ සැලකිය යුතුයි. ඔහුත් ජාතික ලැයිස්තුවට ආවෙ බොහොම අමාරුවෙන්. අන්තිමටයි ඔහු ෆුට් බෝඩ් එකේ එල්ලූනේ.
ඡායාරූපය හා වාර්තාව: සංජය දසනායක

0 comments:

Post a Comment