
තලංගම, හෝකන්දර මංසන්ධියේ දී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අදාළ කාන්තාව ත්‍රිරෝද රථයක ගැටී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේය. තුවාල ලැබූ අදාළ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ හෝකන්දර දකුණ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවකි. ත්‍රිරෝද රථයේ රියදුරු ද කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment