Friday, April 23, 2010

කැබිනට් ඇමතිවරු 37ක්


නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය. එම අමාත්‍යවරුන් මෙසේය.
ඒ අනුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත්, රත්නසිරි වික්‍රමනායක මහතා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත්, නිමල් සිරිපාල ද සිල්වා මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ. ඒ.එච්.එම්. ෆවුසි මහතා ආපදා කළමනාකරණ අමාත්‍යවරයාය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත් මහතාත් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් දිවුරුම් දෙනු ලැබීය. ඩග්ලස් දේවානන්ද මහතා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය අමාත්‍යවරයාය.
ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා ලෙසත් ඩීව් ගුණසේකර පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසත්, රිෂාද් බදුයුදීන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, විමල් වීරවංශ මහතා ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නෝය. පාඨලී චම්පික රණවක මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාය. පී. දයාරත්න මහතා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ‍ලෙසත්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙ‍විරත්න මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, සුමේධා ජී. ජයසේන මහත්මිය පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරිය ලෙසත් අද දිවුරුම් දෙනු ලැබීය. ආතාවුද සෙනෙවිරත්න මහතා නව අධිකරණ අමාත්‍යවරයාය.
බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරංසිංහ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, රාජිත සේනාරත්න මහතා ධීවර හා ජලසම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, පියසේන ගම‍ගේ මහතා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසත්, එස්.බී. නාවින්න මහතා ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙසත්, ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්හ. ෆීලික්ස් ‍පෙරේරා මහතා සමාජ සේවා අමාත්‍යවරයාය. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සී.බී. රත්නායක මහතාත්, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතාත් ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කුමාර වෙල්ගම මහතාත්, තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතාත්, සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් දිවුරුම් දුන්නේය. ගාමිණී ලොකුගේ මහතා කම්කරු සබඳතා හා ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍යවරයාය. මිල්රෝයි ප්‍රනාන්දු මහතා නැවත පදිංචි කිරී‍මේ අමාත්‍යවරයා ලෙසත්, ජීවන් කුමාරතුංග මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජාතික උරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරිය ලෙසත්, අනුර ප්‍රියදර්ශන යාපා මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් තිස්ස කරලියද්ද මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නෝය.
මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනකු ද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරට සාලින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, ජගත් පුෂ්පකුමාර, ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ගුණරත්න වීරකෝන්, මර්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළත්ය. ඊට අමතරව පණ්ඩු බණ්ඩාරනායක, ජයරත්න හේරත්, දයාශ්‍රිත තිසේරා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, නිර්මල කොතලාවල, ප්‍රේමලාල් ජයසේකර, ගීතාංජන ගුණවර්ධන, විනයාගමූර්ති මුරලිදරන්, ඉන්දික බණ්ඩාරනායක, මුත්තු ශිවලිංගම්, සිරිපාල ගම්ලත් යන මහත්වරුන් ද නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නෝය. ඩබ්ලිව්.බී. ඒකනායක, චන්ද්‍රසිරි සූරියආරච්චි, නියොමාල් පෙරේරා, සරත් කුමාර ගුණරත්න, නන්දිමිත්‍ර ඒකනායක, නිරූපමා රාජපක්ෂ, ලලිත් දිසානායක, සරණ ගුණවර්ධන, රෙජිනෝල්ඩ් කු‍ෙර්, විජිත් විජයමුණි සොයිසා, වීරකුමාර දිසානායක සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්ම මහත්මීන් ද අද දිවුරුම් දුන්නේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසය. adaderana

0 comments:

Post a Comment