Friday, April 23, 2010

නව ඇමතිවරු දිවුරුම් දෙයි


නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ‍එම දිවුරුම් දීම සිදුවුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දීය. කැබිනට් අමාත්‍ය මණ්ඩලය වශයෙන් අමාත්‍යවරුන් 37 දෙනෙකු දිවුරුම් දෙනු ලැබීය.
කෙසේවෙතත් අදාළ අමාත්‍යවරුන්ගේ විෂය පථය කුමක් ද යන්න මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කර නැත. ඒ අනුව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, රත්නසිරි වික්‍රමනායක, නිමල් සිරිපාල ද සිල්වා, ඒ.එච්.එම්. ෆවුසි, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත්, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, ඒ.එල්.එම්. අතාවුල්ලා, ඩීව් ගුණසේකර, රිෂාද් බදුයුදීන්, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම දෙනු ලැබීය. කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස පී. දයාරත්න, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙ‍විරත්න, සුමේධා ජී. ජයසේන, මිල්රෝයි ප්‍රනාන්දු, ජීවන් කුමාරතුංග, පවිත්‍රා වන්නිආරච්චි, අනුර ප්‍රියදර්ශන යාපා, තිස්ස කරලියද්ද, ආතාවුද සෙනෙවිරත්න, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිවරයා ඉදිරි‍යේ දිවුරුම් දුන්නෝය. මහින්ද සමරංසිංහ, රාජිත සෙනෙවිරත්න, පියසේන ගම‍ෙග්, එස්.බී. නාවින්න, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෆීලික්ස් ‍ෙපරේරා, සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ද කැබිනට් මණ්ඩලයට ඇතුළත්ය.
මීට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනකු ද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සාලින්ද දිසානායක, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, ජගත් පුෂ්පකුමාර, ටී.බී. ඒකනායක, මහින්ද අමරවීර, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, ගුණරත්න වීරකෝන්, මර්වින් සිල්වා, පණ්ඩු බණ්ඩාරනායක, ජයරත්න හේරත්, දයාශ්‍රිත තිසේරා, දුමින්ද දිසානායක, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, එච්.ආර්. මිත්‍රපාල, නිර්මල කොතලාවල, ප්‍රේමලාල් ජයසේකර, ගීතාංජන ගුණවර්ධන, විනයාගමූර්ති මුරලිදරන්, ඉන්දික බණ්ඩාරනායක, මුත්තු ශිවලිංගම්, සිරිපාල ගම්ලත්, ඩබ්ලිව්.බී. ඒකනායක, චන්ද්‍රසිරි සූරියආරච්චි, නියොමාල් පෙරේරා, සරත් කුමාර ගුණරත්න, නන්දිමිත්‍ර ඒකනායක, නිරූපමා රාජපක්ෂ, ලලිත් දිසානායක, සරණ ගුණවර්ධන, රෙජිනෝල්ඩ් කු‍ෙර්, විජිත් විජයමුණි සොයිසා එම අමාත්‍යවරුන්ය. adaderana

0 comments:

Post a Comment