
ගල්කිස්ස, බෙලෙක්කඩේ මංසන්ධියේ සිනමා ශාලාවක් තුළ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බව පොලිසිය පැවසුවේය. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම, ඇල්ලගල ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් ජිනදාස නැමති 29 හැවිරිදි තරුණයෙකි. ඔහු ගුවන් හමුදා සෙබළෙකු බවට අනාවරණය වී ඇත.
ගැටුමට මැදි වූ සිනමා ශාලාවේ හිමිකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව ගල්කිස්ස පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.adaderana
0 comments:
Post a Comment