Friday, April 23, 2010

පීලි පැනීමක් නිසා දුම්රිය ගමන නවතී


දුම්රිය පීලී පැනීමක් හේතුවෙන් නාවලපිටිය - මහනුවර සහ නාවලපිටිය - කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද අළුයම 2.30 ට පමණ පේරාදෙණිය සහ ගම්පොළ අතර ප්‍රදේශයේ දී පීලි පැනීමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය. දෙවන පන්තියේ මැදිරි දෙකක් සහ එම් 2 ක වර්ගයේ එන්ජිමක් පීලි පැනීමට ලක්ව තිබෙන බව සදහන්ය.
ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. නාවලපිටිය සහ මහනුවර ආපදා රථ යොදා ගනිමින් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වුවද කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා මහනුවර සහ මාතලේ දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බව විජය සමරසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේය. adaderana

0 comments:

Post a Comment