Friday, April 23, 2010

අත්අඩංගුවට ගත් අය අතර ප්‍රධාන එල්.ටී.ටී.ඊ සාමාජිකයන්


මැලේසියාවේ දී විවිධ චෝදනා යටතේ අත්අංඩගුවට ගත් විදේශිකයන් අතර එල්.ටී.ටී.ඊ ප්‍රධාන පෙළේ සමාජිකයන් ද සිටින බව මැලේසියාව පවසයි.
මෙරට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මැලේසියාවේ දී හමුවීමෙන් පසුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධාතුක් සෙරි හිෂම්මුදීන් හුසේන් , මේ බව ප්‍රකාශ කර ඇත. එරට පැවැත්වෙන ආරක්ෂක සේවා ප්‍රදර්ශනයකට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මලයාසියාවට ගිය අවස්ථාවේ දී මෙම හමුව සිදු වී ඇති බව සඳහන්ය. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා එහි දී පෙන්වා දී ඇත්තේ 2008 වස‍රේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ අදාළ වැරදි සම්බන්ධයෙන් විදේශිකයන් 599 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවය.
මත්ද්‍රව්‍ය වැරදි, හොර බඩු ජාවාරම් ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබේ. විදේශිකයන් විසින් අපරාධ සඳහා මලයාසියානු භූමිය යොදා ගැනීම වැළැක්වීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ද ධාතුක් සෙරි මහතා සඳහන් කළේය.adaderana

0 comments:

Post a Comment