
සූරියවැව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අලුයම 2 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සූරියවැව, උණුදිය පොකුණ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි අමරසිංහ කංකානම්ගේ රංජිත් නොහොත් වම්බටු රංජිත් නැමැත්තෙකි.
නාදුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියා සිටියේය.
වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසීය.adaderana
0 comments:
Post a Comment