Tuesday, February 16, 2010

ලංකා කර්තෘට ඇප දෙන්නැයි කියා ඉඩිමහින් යලිත් ඇන ගනී



ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කිරීමට සිදුවූයේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නිසා බව නිවේදනය කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කර තිබේ.
එම නිවේදනයේ දැක්වෙන්නේ සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අද උදෑසන ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කළ බවයි. රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම ජනාධිපතිවරයා මෙම නියෝගය කළ බවද එහි සදහන්වේ.
කෙසේ වෙතත් අප වෙත වාර්තාවී ඇති තොරතුරුවලට අනුව රහස් පොලීසිය විසින් රදවාගෙන සිටි සිරිමල්වත්ත මහතාගෙන් පසුගිය පෙබරවාරි 05 වනදා වන විට ප්‍රශ්න කිරීම් අවසන්වී ඇති අතර අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 08 ඔහු තවදුරටත් රදවා තබා ගැනීමට අදාලව චෝදනා ගොනුකළ හැකිද යන්න නීතිපතිවරයාගෙන් විමසා තිබේ. එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බැවින් රැදවුම් නියෝග යටතේ ඔහු තවදුරටත් රදවා තබාගත නොහැකි බව නීතිපතිවරයා දැනුම්දීමෙන් අනතුරුව සිරිමල්වත්ත මහතා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුව තිබේ.
ඒ අනුව සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කිරීමට අපොහොසත්වී ඇති බැවින් කිසිදු ඇප කොන්දේසියකින් තොරව ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහත පළවේ.truth

ජෙනරාල් රඳවා සිටින නිවසේ ජනෙල් ලෑලිවලින් වසා සීල් කරලා -බිරිඳ අනෝමා


මගේ සැමියා මානසිකව වැටී ඇතැයි බොහෝ අය සිතා සිටියත් ඔහු ගේ මානසික තත්ත‍වය ඉතා ඉහළ මට්ටමකින් පවතින බව ජෙනරාල් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද (16) සඳහන් කළාය.
ඇය මේ සඳහන කළේ පිටකෝට්ටේ zzසිරිකොතZZ මන්දිරය ඉදිරිපිට ජෙනරාල් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කරන සත්‍යග්‍රහයට සහභාගි වෙමිනි.
එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය.
මගේ සැමියා රඳවා සිටින්නේ සමහර අය කියන සුඛෝපභෝගී තැනක නොවෙයි. නාවික හමුදා මූලස්ථානයේ විවාහක නිලධාරීන් සඳහා වෙන්කර ඇති නිවාසයක. එAක සාමාන්‍ය කාමර 2 කින් යුත් තට්ටු නිවාසයක් (ෆ්ලැට් එකක්). ඔවුන් එAකෙ ජනෙල් පවා ලෑලි ගහල සීල් කරලයි තියෙන්නේ. එය වාතාශ්‍රය ලැබීමට බාධාවක්. ඒ නිසා වෛද්‍යවරු නිර්දේශ කරලා තිඛෙනවා වායුසමීකරණ යන්ත්‍රයක් හෝ සැපයිය යුතුයි කියලා. ඔවුන් එය ලබා දෙන බවට පොරොන්දු වුණා. මා ඔහුගේ දිවා හා රාත්‍රී ආහාරය සපයනවා.
අපව මානසිකව වට්ටන්න තමයි මේ අය උත්සාහ ගන්නේ. එA නිසයි ඔවුන් අපව මේ ඉතා අසාධාරණ ලෙස හැමදේටම පටලවන්න හදන්නේ. ජෙනරාල්වරයා ඉතා හොඳ මානසික මට්ටමකින් ඉන්නවා වගේම හොඳ සෞඛ්‍ය තත්ත‍වයකින් පසු වෙනවා.
සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙන අතර ජෙනරාල්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා අද සවස උද්ඝෝෂණයක්ද පවත්වන බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.lankaenews

ධර්මශී්‍ර ඉවත් කිරීමට zහෙලදිවZ වසාදමයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ප්‍රතිරූපය පිම්බීමට පවත්වාගෙන යන ලද zහෙළදිවZ පුවත්පත හදිසියේ වසා දැමා ඇත්තේ එහි ප්‍රධාන කර්තෘ ධර්ම ශී්‍ර කාරියවසම් ඉවත් කිරීට බැව් වාර්තා වේ. ඉකුත් ජනාධිපතිවරණයේදී විමල් විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා නිලියක් සමග අයථා සම්බන්ධයක් ඇතැයි සඳහන් පුවතක් පළකරන ලෙස ධර්මශී්‍ර වෙත බලපෑම්කර ඇතත් ඔහු ඒ පිළිබඳව කසිදු සාක‍ෂියක් නොමැති බැවින් එවැන්නක් පළකර තමාට උසාවිගානේ රස්තියාදුවීමට නොහැකි බව පැවසීමේ කොන්තරයක් මෙම පුවත්පත වසා දැමීමට හේතුවී ඇතැයි පැවසේ. කිසිදු හේතුවක් නොමැතිව zහෙළදිවZ හිටපු ප්‍රධාන කර්තෘ ධර්මශී්‍ර ඉන් ඉවත් කළ නොහැකි බැවින් හා මෙම පුවත් පත ආරම්භ කිරීමට එක්කරගන්නා ලද බොහෝදෙනකු කර්තෘවරයාට හිතවත් අය බැවින් පුවත්පත කෙටි කලක් වසාදමා නැවත ආරම්භ කිරීමේ සැලැසුම මත මෙය වසා දමා ඇතැයි ද වාර්තා වේ. zහෙළදිවZ පුවත්පත විමල් වීරවංශගේ ඉතාම කිට්ටු මිත්‍රයෙකු වන ජපන් සමන් නැමැති අයකුට අයත්වූවකි. ඔහු ජපානයේදී සොරාගනු ලබන මෝටර් රථ මෙරටට පැටවීමේ කාර්යයේ නිරතවන්නෙකු බව ද පැවසේ. සයුරී ප්‍රකාශන ආයතනය මගින් මෙම පුවත්පත මුද්‍රණය කර ඛෙදා හරිනු ලැබිණි. zහෙළදිවZ වසා දැමීමට ආසන්න කලයේදී එය මුද්‍රණයකර ඇත්තේ දිවයින මුද්‍රණාලයේ බවද මේ අතර, වාර්තා වේ. ඒ කාලයේදී එහි ප්‍රධාන කර්තෘවරයා විසින් අවසන් වශයෙන් පරික‍ෂා කිරීමෙන් පසුව ද ඊට වෙනත් ලිපි ඇතුලත්වී ඇතැයි ද වාර්තා වේ. කෙසේවුවද ජනාධිපතිවරණයට පෙර මේ පුවත්පත zඩූ ඕ ඩයිZ හෙහෙයුමක් සඳහා සූදානම් වෙමින් සිටින බව අප කීවෙමු. මාර්තු මුල් සතියේදී මෙය නැවත ආරම්භ කිරීමට යන බවද මේ අතර, වාර්තා වේ. lanka news web

දුමින්දගේ zනැටිලිZ හා zටේ්‍රසිZ නාමල් ඩැහැගෙන ගිහින්

දුමින්ද සිල්වාගේ පෙම්වතියන් දෙදෙනෙකු ඔහුට රහසින් නාමල් රාජපක‍ෂ සමග සමීප සබඳතාවයක් ගොඩනගාගැනීම සම්බන්ධයෙන් දුමින්ද හා නාමල් අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයක් ඇතිකරගැනීම සඳහා දෙපාර්ශ්වයේ හිතවතුන් කිහිප දෙනෙකු පසුගිය දා වැල්ලවත්ත zකරිලීෆ්Z භෝජනාගාරයේ පවත්වාඇති සාකච්ඡාව බහින් බස් වීමකින් අවසන් වී තිබේ. එසේ වුවද පෙම්වතියන් දෙදෙනා අහිමි වුවත්, මහ මැතිවරණය පැවැත්වෙන මොහොතේ නාමල් සමග ගැටුමකට යාමට දුමින්ද බලාපොරොත්තු නොවන බව ඔහුගේ සමීප හිතවතෙකු අප කළ විමසීමේදී ප්‍රකාශ කළේය.lanka news web

සෝමා කුමාරිගේ අභාවයෙන් හිස්වූ නිකවැරටිය ආසනය ජොන්ස්ටන්ට

හිටපු මන්ත්‍රීනී සෝමා කුමාරි තෙන්නකෝන්ගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වී තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සංවිධායක ධූරය, එක්සත් ජාතික පක‍ෂයෙන් ආණ්ඩුවට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන‍දු වෙත පවරා තිබේ. එම ආසනයට ජොන්ස්ටන් පත්කිරීමට එරෙහිවූ එස්.බී. නාවින්න ඇමතිවරයාට මෙම මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන නායකත්වය ලබාදෙමින් එම විරෝධය යටපත් කර දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඉදිරි මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායමේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කර ඇත්තේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය අනුර පි්‍රයදර්ශණ යාපාය. සෝමාකුමාරි තෙන්නකොන්ගේ අභාවයෙන් පසුව නිකවැරටිය ආසනයේ සංවිධායක ධූරය ලබාගැනීමට ජාතික ආක‍ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක‍ෂ ජෙනරාල් ලක‍ෂමන් හුළුගල්ලේද උත්සාහ කළේය. කෙසේ වුවද ජොන්ස්ටන් ප්‍රනාන‍දු නිකවැරටිය ආසනයට පත්කිරීමේන් පසු එක්සත් ජාතික පෙරමුණ විසින් එම ආසනයේ සංවිධායකවරිය ලෙස, හිටපු පළාත් සභා මන්ත්‍රීනි හා ශ්‍රී ල.නි.ප. මහජන පාර්ශ්වයේ ෙජ්්‍යෂ්ඨ උපසභාපති උපුලාංගනී මාලගමුව පත්කර තිබේ. lanka news web

ජනාධිපතිවරණයේ නොතිබුණු සල්ලි දැන් කොහෙන්ද? බැසිල්, දුමින්ද සිල්වා ගේ වත්කම් සොයයි

තමාට එතරම් වත්කමක් නැතැයි කියමින් ජනාධිපතිවරණ සමයේදී, කොළඹ දිස්ත්‍රික්කය තුළ ජනාධිපතිවරයාගේ පොස්ටර් ඇලවීම ප්‍රතිෙක‍ෂ්ප කර සිටි දුමින්ද සිල්වාට, මහමැතිවරණය සඳහා මෙතරම් පොස්ටර් ඇලවීමට හදිසියේම මුදල් ලැබී ඇත්තේ කෙසේදැයි සොයාබැලිය යුතු බව ජනාධිපති ෙජ්්‍යෂ්ඨ උපදේශක බැසිල් රාජපක‍ෂ, මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිනී කාන්ති කොඩිකාරයට ප්‍රකාශ කර තිබේ. සන්ධානයේ කිසිවෙකුට හෝ පෝස්ටර් ඇලවීමට ඉඩක් නොතබා දුමින්ද සිල්වාගේ කණ්ඩායම් කොළඹ නගරය පුරා පොස්ටර් අලවන බවත්, මහරගම ප්‍රදේශය අලවා තිබූ තමාගේ පෝස්ටර් උඩින් දුමින්දගේ පෝස්ටර් අලවා ඇති බවත්, කාන්ති කොඩිකාර විසින් බැසිල් රාජපක‍ෂ වෙත පැමිණිලි කර අවස්ථාවේදී ඔහු මෙම කාරණය සඳහන් කර තිබේ. ජනාධිපතිවරණ සමයේදී කොළඹ නගරයේ පෝස්ටර් ඇලවීමේ වගකීම බැසිල් රාජපක‍ෂ විසින් දුමින්ද සිල්වා වෙත පවරනු ලැබූ අවස්ථාවේදී, එම පෝස්ටර් ඇලවීම සඳහා පාප්ප සාදා දෙන ලෙසත් ප්‍රවාහන ගාස්තු හා සේවකයින්ගේ කෑමබීම ලබාදෙන ලෙසත්, දුමින්ද සිල්වා ඉල්ලා තිබේ. lanka news web

ෆොන්සේකාට එරෙහිව ඒක පාර්ශ්වික සාක්ෂි විමසීමක්..?


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණයේ සාක්ෂි විමසීම ඒක පාර්ශ්වික ලෙස සිදු කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති වග ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පරීක්ෂණ පවත්වාගෙන යාමේදී කරුණු විමසීම් වලදී යුද හමුදා පොලීසියට සහය නොදීම නිසා ඉදිරියේදී ඔහු නොමැතිව පරීක්ෂණ කටයුතු කරගෙන යාමට යුද හමුදා පොලීසිය තීරණය කර ඇතැයි කියැවේ.
ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට නාවික හමුදා මූලස්ථානයට අයත් මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින අතර ඔහුගේ බිරිඳට දිනකට දෙවරක් ආහාරපාන රැගෙන ඔහු හමුවීමට අවසර ලබා දී තිබේ.
ඊට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන්ටද ඔහු හමුවීමට අවසර ලබා දී ඇතත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවා ඔහු හමුවී ඇත්තේ එක්වරක් පමණක් බව කියැවේ. adaderana

දනුන ගේ මවගෙන් සී.අයි.ඩීයට ප්‍රකාශයක්


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාගේ මෑණියන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බව කියැවේ.
දනුන තිලකරත්න මහතාගේ මෑණියන් වන අශෝකා තිලකරත්න මහත්මිය අත්අඩංගුවට ගෙන නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටින වග පිළිගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්ද නැතිනම් ඇය විසින්ම ස්ව කැමැත්තෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණියේද යන්න පිළිබඳ තමා නොදන්නා බවද කීය.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතා මවගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි. ඉක්බිතිව ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ. මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් තමාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුලදීම ප්‍රකාශ කර තිබුණු බව කියැවේ.

ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක ධූර අහෝසියි


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් මින් ඉදිරියට දිස්ත්‍රීක් සංවිධායකවරුන් ලෙස සැලකීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කරයි.
මෙතෙක් කාලයක් මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරු සියල්ල මින් ඉදිරියට දිස්ත්‍රීක් සංවිධායක තනතුරු ලෙස සලකා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ ප්‍රධාන ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.
නව දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපිත කිරීමටත්,සදාචාරාත්මක දේශපාලන රටාවක් නිර්මාණය කිරීමටත්,මනාප ක්‍රමය යටතේ පාක්ෂිකයින් අතර අර්බුද ඇතිවීම වළක්වා ගැනීමත් මෙම ක්‍රියා මාර්ගයේ අරමුණ වූ බව නිවේදනයේ දැක්වේ.
මෙම තීරණය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය සංවිධාන,ශාඛා සංවිධාන,වෙත මෙන්ම දැනුම් දිය යුතු සෙසු ස්ථාන වලට දැනුම් දිය යුතු බව ට ජනාධිපතිවරයා විසින් පක්ෂ ලේකම්වරයාට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ලංකා කර්තෘට නිදහස ලැබෙයි


ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියමකර තිබේ.
සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ නියෝග කර ඇත.
එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ බවත් ,ඒ හේතුවෙන් සිරිමල්වත්ත මහතා කිසිදු ඇප කොන්දේසියක් නොමැතිව නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද බවත් සඳහන් වේ.
පළ වූ ලිපියකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට යයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ගිය චන්දන සිරිමල්වත්ත මහතා පසුගිය ජනවාරි මස 29 වන දින සිට රඳවා තබා ගනු ලැබිණි.

ලංකා කර්තෘ ගැන ජනපතිගෙන් තීන්දුවක්


ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට සහය දෙන ලෙසත්,ඔහුට එරෙහිව පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
අද පෙරවරුවේ පොලිස්පති මහින්ද බාලසූරිය මහතාට මෙසේ උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඊයේ(15)සවස ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට ඇහුන්කන් දෙමින් මෙසේ උපදෙස් දුන් බව සඳහන් වේ.
මින් ඉදිරියට මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගන්නේනම් හෝ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුකරන්නේ නම් තමා ජනමාධ්‍ය ඇමතිවරයා බැවින් අනිවාර්යයෙන්ම තමා දැනවත කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එරෙහිව අධිකරණයට


පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් එකී ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.
සෝමවංශ අමරසිංහ,සුනිල් හඳුන්නෙත්ති,‍‍‍ජෝන් අමරතුංග,අනුර කුමාර දිසානායක,රවී කරණානායක යන මහත්වරුන් මෙම පෙත්සම අද පෙරවරුවේ නීතිඥවරුන් මගින් ඉදිරිපත් කර ඇත.
පසුගිය ජනවාරි මස 26 වන දින පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලැබූවද පොදු විපක්ෂයේ නියෝජිතයින් මෙම ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිණි.
මෙම පෙත්සම මගින් කරුණු කාරණා බොහොමයක් සනාථ කරනු ඇති බවත්,ඒ නිසාම මෙම පෙත්සමට අධිකරණය මගින් සාධාරණයක් ඉෂ්ඨ කෙරෙනු ඇති බවට තමන් තුළ බලවත් විශ්වාසයක් පවතින බවත් විපක්ෂයේ මහත්වරු අවධාරණය කරති.

එල්. ටී. ටී. ඊ බැංකු ජාලයක් හමුවේ


එල්. ටී. ටී. ඊය විසින් පවත්වාගෙන ගිය ඊලාම් බැංකු ලෙස හඳුන්වන ලද මූල්‍යමය සංවිධාන ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙම බැංකු වලින් උතුරු නැගෙනහිර ජනතාව සඳහා ණය සැපයිම ඇතුළු තවත් මූල්‍යමය සේවාවන් සපයා ඇති බවද එහිදී සොයාගෙන ඇත‍.
එල්. ටී. ටී. ඊ සංවිධානය මෙවැනි බැංකු 11ක් පවත්වාගෙන ගොස් ඇත. පසුගිය වසරේ මැයි මාසයේදී ඔවුන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම දක්වාම ඔවුන් මෙම බැංකු හරහා විවිධ මූල්‍ය කටයුතු පවත්වා ඇති බව වාර්තා වේ. උතුරේ වන්නි ප්‍රදේශයේ හා නැගෙනහිර පළාතේ ප්‍රධාන වශයෙන් මෙම බැංකු කටයුතු මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මෙම බැංකු වලින් තුනක් මඩකලපුවේ කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේද, දෙකක් ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේද, සෙසු බැංකු වන්නි ප්‍රදේශයේද පවත්වාගෙන ගොස් ඇත.

වාතාශ්‍රය අවමයි-ෆොන්සේකාට හිසේරුදාව


ජෙනරාල් සරත් ෆොන්සේකා රඳවා තබා ඇති කාමරය තුළ වාතාශ්‍රය අවම වීම නිසා ඔහුට තදබල හිසරදයක් සෑදී ඇති බව අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.
නාවික හමුදා වෛද්‍යවරයෙකු ඔහු හමුවූ පසු ඔහුගේ හිසේ රුදාවට හේතු වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය අවමවීම බවත්, වායු සමීකරණය කරන ලද කාමරයක් ඔහුට වඩා සුදුසු බවත් වෛද්‍යවරයා පැවසූ බව ඇය කියා සිටියාය.
අද සිරිකොත එ.ජා.ප පක්ෂ මූලස්ථානය අභියස ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පවතින සත්‍යග්‍රහය අසලට පැමිණි අවස්ථාවේදී ඇය මෙසේ සඳහන් කර සිටියාය. adaderana

සුරාබදු නිලධාරීන් ඇගයීමට ලක්කරයි


සුරාබදු නිලධාරීන් සඳහා කාර්ය සාධන ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දී ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා පවසයි.
සුරාබදු නිලධාරීන් සිදු කරන වැටලීම් සඳහා ඔවුන්ට ඇගයීමක් ලබා දීම මෙහි අරමුණ බව ඔහු සඳහන් කරයි. සුරාබදු නිලධාරීන් විසින් අඛණ්ඩව සිදු කරන වැටලීම් මඟින් මේ වන විට මත්පැන් ජාවාරම් අඩු වී ඇති බව වාර්තා වේ. බස්නාහිර පළාත තුළ රාජකාරි බහුල බැවින් සුරාබදු කාර්යාල තුනක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

මාර්තු වනවිට බිම් බෝම්බ ඉවත්කිරීම අවසන්


මාර්තු මාසය අවසන් වීමට පෙර මන්නාරම දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කරන බව රජය පවසයි.
මේ වන විට මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට අසූ පහකට වැඩි භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර තිබේ. පසුගිය කාලය තුළ පැවති වර්ෂාව හේතුවෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බාධා එල්ලවිය.
මේ දින වල පවතින වියළි කාළගුණයක් සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කරන බව ද රජය සඳහන් කරයි. ඒ සඳහා රාජ්‍ය නොවන කණ්ඩායම් වල සහය ද ලබා ගැනීමට නියමිතය. adaderana

නව බඳවා ගැනීම් වහාම නවතන්න


රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් වහාම නතර කරන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අප්‍රේල් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනුව අප්‍රේල් මාසයේ පැවැත්වෙන මැතිවරණය අවසන් වන තුරු රාජ්‍ය සේවයේ කිසිඳු බඳවා ගැනීමක් සිදු නොකරන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව රජයට දැනුම් දී ඇත. මේ අතර රාජ්‍ය සේවය සඳහා නව බඳවා ගැනීම් වලට අදාළ විභාග පැවැත්වීමද මෙම කාල සීමාව තුළ නතර කළ යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් ‍වේ.

ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම ගැන දැනුවත් කිරීමක්


හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව රජය පවසයි.
ඔහු අත්අඩංගුවට ‍ගැනීමට හේතුව හා ඔහුට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් එහි දී මහනාහිමිවරුන් දැනුවත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මෙම අදහස් පළ කළේය. adaderana

Monday, February 15, 2010

අතුරලියේ රතන හිමියෝ සංඝ භේදයට මුල පුරති


රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්‍රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ පැවසුවේ මෙවැනි සර්ව ආගමික සමුළු දහයකට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගත හැකි බවත්, එහෙන් මෙහෙන් අහුලා ගත් පිරිසක් එක් කොට අටවා ගත් සංවිධානයක් මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වී ඇති බව හෝ ජෙනරාල් අත්අඩංගුවට ගැනීම වැරදි බව පැවසිය නොහැකි බවයි. එමෙන්ම මෙම සමුළුවේ එක් නියෝජිතයෙකු වන පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළ බවයි.
මෙම ප්‍රකාශයේදී අතුරලියේ රතන හිමියෝ සිය ප්‍රකාශය මගින් ව්‍යංගයෙන් දැක්වීමට උත්සහ දැරුවේ පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ එක්සත් ජාතික පක්ෂය හා එක් වෙමින් කටයුතු කිරීමෙන් ත්‍රස්තවාදයට සහය දැක්වූ බවයි.
මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්‍රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.truth

ජනරාල් සම්බන්ධයෙන් හිටපු මහාධිකරණ විනිසුරුගෙන් ඇමැති බෝගොල්ලාගමට අභියෝගයක්


විදේශිය තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවූ අවස්ථාවේදී විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එම නිලධාරීන්ට පවසා ඇත්තේ ‍අත්අඩංගුවට ගත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ හමුදා නීතියි යටතේ බවත්, ඔහුට ගෞරවණිය හා ආචාරශීලී ලෙස සලකනු ලබන බවයි.
බෝගොල්ලාගම අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අභියෝගයක් කරන හිටපු මහාධිකරණ විනිසුරු නීතිඥ ජී.ඩී.කුලතිලක මහතා පවසන්නේ බෝගොල්ලාගම අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශය සත්‍ය බවට ඔප්පු කිරීම සඳහා මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ඔහු සිටින ස්ථානය දැක බලා ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලෙසයි.
ජෙනරාල්වරයා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම හේතු ගණනාවක් මත හමුදා පනතට පමණක් නොව 2009 ආරක්ෂක මාණ්ඩලික නිලධාරී පතනට ද පටහැකි බව පවසන කුලතිලක මහතා වැඩිදුරටත් දක්වන්නේ ජෙනරාල් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න හැකි නම් හෙළි කරන ලෙසයි.
ජෙනරාල්ට ආචාරශීලීව හා ගෞරවණීය ලෙස සැලකීම කෙසේ වෙතත් ඔහුගේ බිරිඳට හා ඔහුගේ නීතීඥවරයාට ඔහු බැලීමට අවස්ථාව ලබා දී ඇත්තේ දිනකට පැයක් බවත්, එයද වරකට පැය භාගය බැගින් අවස්ථාවන් දෙකකදී බවත් පවසන කුලතිලක මහතා වැඩිදුරටත් දක්වා ඇත්තේ එයට ලබා දී ඇත්තේ දිවා හා රාත්‍රී ආහාර රැගෙන යාමට පමණක් බවයි. කෙසේ වෙතත් ඔහු රඳවා සිටින නිවසේ ජනෙල්වලින් පිරිසිදු වාතාශ්‍රයද නොලැබෙන බවත්, එම ජනෙල් වාතාශ්‍රය නිසි පරිදි නොවැටෙන ලෙස ලෑලිවලින් ආවරණය කර ඇති බවත් කුලතිලක මහතා වැඩිදුරටත් පැවසීය. truth

ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය අනුරපුර පොලිසියටත් උසාවියෙන් බැනුම්


නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙද ඉල්ලා අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් විපක්ෂයේ සියලු පක්ෂ එක්ව සිදු කළ අතර, මෙහිදී උද්ඝෝෂකයින්ට මැර ප්‍රහාරයක් එල්ල වූ අතර, පසුව පොලිසියද මැරයින් හා එක්ව උද්ඝෝෂකයින්ට පහර දුණි.
පොලිසියේ මෙම ප්‍රහාරයෙන් පසු උතුරු මැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ වාහනයකට පහර දුන් බවට චෝදනා කරමින් මිහින්තලේ වළහාහැංගුණු වැවේ ඤාණරතන හිමි, හිටපු මන්ත්‍රී හැරිසන්, ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී අනුර දිසානායක හා නාගරික මන්ත්‍රී අරුණ කුමාර යන අය අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගයක් ලබා දෙන ලෙද අනුරාධපුර පොලිසිය අද අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.
මේ අවස්ථාවේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය පොලිසියෙන් විමසුවේ මේ වෙනුවෙන් අදාල සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි. මෙහිදී පොලිසිය අධිකරණයට පැවසුවේ එයට අදාල සාක්ෂි නොමැති බවයි. පොලිසිය වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර පොලිස් සැරයන් හේරත් මහතා පැවසුවේ අදාල සාක්ෂි නැතත් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් උසාවි නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මේ අවස්ථාවේදී පොලිසිය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා මෙනෙවිය පැවසුවේ පදනම් විරහිත මෙවැනි ඉල්ලීම් ඉල්ලනුයේ අධිකරණය පිළිබඳ කුමන අදහසක් ඇතිවද යනුවෙනි. වැඩි දුරටත් පොලිසියට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම උසාවි නියෝගය ඉල්ලීම වෙනුවෙන් පොලිස් සැරයන් හේරත්ට උපදෙස් දුන් නිලධාරියා වහාම අධිකරණයට කැඳවන ලෙස දන්වා නොතීසි නිකුත් කළාය.truth

සනත් මාතරින් බැට් කරයි


සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා තරග කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුගේ නම මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට ද දැනටමත් ඇතුළත් කර ඇත. මාතර ශාන්ත සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සනත්ගේ නිජ බිම මාතරයි.

ජනරාල් දෙකකට බෑ කියලා

යුද්ධාධිකරණ නඩු විභාගයේ දී තමා වෙනුවෙන් සාක්කි කැඳැවීමටත්, තමාට එරෙහිව සාක්කි දෙන අයගෙන් හරස් ප්‍රශ්න ඇසීමටත් ඇති අයිතිය ජනරාල් සරත් පොන්සේකා ප්‍රතික්ෂේප කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ කියයි. ඔහු එසේ කළත් යුද්ධාධිකරණයේ නඩු විභාගය සඳහා සාක්කි සම්පිණ්ඩනය ඇතුළු නීතිමය කටයුතු කැරගෙන යන බවද රජය පවසයි. lankadeepa

බැසිල් ගම්පහ නායක

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපඬ මහතා මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ නායක ලෙස තරග කරයි. පසුගිය පාර්ලිමේන්තුවේ පත්කළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ රාජපඬ මහතා, උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධන කටයුතු මෙහෙයවයි.

රත්නසිරි, දිමු, ඩලස්, රත්වත්තේ ජාතික ලැයිස්තුවෙන්

අගමැති රත්නසිරි වික්‍රමනායක, පොදුජන එක්සත් පෙරමුණේ මහා ලේකම්, ඇමැති දි.මු. ජයරත්න, ›ලනිප භණ්ඩාගාරික ඇමැති ඩලස් අලහප්පෙරුම, ජාතික සංවිධායක ජනරාල් අනුරුද්ධ රත්වත්තේ යන මහත්වරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධනය තීරණය කර ඇත. lankadeepa

දනුනගේ අම්මාගේ සේප්පු විවෘත කරයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාගේ මවට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට දී අද විවෘත කර තිබේ.
කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතා මවගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.
ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.5,25000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.
මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් තමාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ. adaderana

අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිසුන් දෙදෙනෙක් මරුට


අත් බෝම්බයක් පුපුරා යාමෙන් යාපනය කොලොම්තුරෙයි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
දස වියැති මෙම සිසුන් දෙදෙනා අද සවස 2.00 ට පමණ පාසල් ඇරී යන අතරතුර පාරේ තිබී බෝම්බයක් යයි නොදැන අහුලාගෙන ඇති අතර කිසිවෙක් එය දැක වහා වීසි කරන්නැයි පැවසීමෙන් පසු වීසිකර තිබේ.
වීසි කළ පසු එය පුපුරා යාමෙන් සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර හය දෙනෙකු තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ. adaderana

ජනරාල් තවමත් සීරුවෙන් - හමුදාවට ප්‍රකාශ ලබා දීම ප්‍රතික්ෂේප කරයි


පසුගියදා නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්ෂි සම්පිණ්ඩනය කිරීම සඳහා ප්‍රකාශයක් ලබා දෙන ලෙස හමුදාව විසින් කරන ලද ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත. ජනරාල්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත්තේ තමන් දැන් හමුදා නිලධාරියෙකු නොව, සිවිල් පුරවැසියෙකු බැවින් තමන්ට විරුද්ධව හමුදා නීතිය යටතේ කටයුතු කළ නොහැකි බව පවසමිනි.
යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් දයා රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ජනරාල් ෆොන්සේකා මහතා රඳවා සිටින නාවික හමුදා මූලස්ථානය ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙද ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත. නමුත් මේ අවස්ථාවේදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේතමන්ට මෙවැනි කිසිදු ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවයි. මෙසේ පවසමින් ප්‍රකාශයක් ලබා දීම ‍ජනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රතික්ෂේප කර ඇත.
තමා දැන් හමුදා නිලධාරියෙකු නොවන බවත්, රටේ සාමාන්‍ය පුරවැසියෙකු බවත් පවසා ඇති ජනරාල්වරයා තමන්ගෙන් හමුදාවට ප්‍රකාශයක් ලබා ගැනීමේ කිසිදු අයිතියක් නැති බව මෙහිදී ‍පවසා ඇත. එමෙන්ම මෙම චෝදනා සම්බන්ධයෙන් තමන්ව යුධ අධිකරණයට ගෙන යෑමට ද කිසිදු අයිතියක් නොමැති බවත් මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත.
මේ අනුව ඉදිරියේදී ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීති අංශ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව හමුදා ආරංචි මාර්ග පවසයි.

ජනරාල් නිදහස් කරන්නැයි ජ.වි.පෙ.න් දැවැන්ත උද්ඝෝෂණයක් හෙට කොළඹදී


නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙස රජයට බල කරමින් දැවැත්න උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. මේ අනුව හෙට (16) සවස 3.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වන දැවැත්න පාගමනකින් මෙම විරෝධතාවය ආරම්භ කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.
"මේ රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මේ රටේ ජාතික වීරයෙක් වුණු ජනරාල් සරත් ‍ෆොන්සේකා මහතා අත්අඩංගුවට අරන් තියෙනව. දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ ෆැසිස්ට් පන්නයේ පාලනයක්. මේ ක්‍රියාමාර්ගයන්ට එරෙහිව අපි එකතු වෙන්න ඕනෙ.
මේ වෙන කොට මේ රටේ මහ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ පූජණිය මහා සංඝ රත්නයත් ඉල්ලා තිබෙනව ජනරාල් නිදහස් කරන්න කියල. නමුත් ඒ ගැන ඉඩිමහින් මේ වෙනකම් කිසිදු තැකීමක් කර නැහැ. ඒ වෙනුවට මේ ඉල්ලීම කරපු වගේම, ඒ වෙනුවෙන් මැදිහත් වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලාට හා විහාරස්ථානවලට පහර දෙමින් සිටිනවා.
ඒ විතරක් නෙමෙයි මේ වෙන කොට ජනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කරන්න කියල අපි උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වුවා. නමුත් මේ සෑම අවස්ථාවකටම පාහේ පොලිසිය පහර දුන්නා. ඒ විතරක් නෙමෙයි මේ සෑම අවස්ථාවකදීම මැරයොත් පහර දුන්න. මේ කිසිව වෙලාවක පොලිසිය මැරයින්ට විරුද්ධව කටයුතු කළේ නැහැ.
මේ සියලු කරුණූවලින් පැහැදිලියි මේ වෙන කොට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ලෙස උල්ලංඝණය වෙලා කිය. මෙයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විදියට අපි හෙට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරල තියෙනව. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම ජනතාවට අපි ආරාධනා කරනව අපිත් එක්ක එකතු වෙන්න කියල"

ගෙදර යවපල්ලා - නැතිනම් හිරේ දාපල්ලා" වැලිකඩ රැඳවියෝ උද්ඝෝෂණයක


"අපිව හිරේ දාපල්ලා -නැතිනම් ගෙදර යවපල්ලා"යි සටන් පාඨ කියමින් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි 'එල්' ශාලාවේ වහලය මත නැගී උද්ඝෝෂණය කරන බව වාර්තා වේ. මෙම පිරිස වසර 10-12 වැනි කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී ඇති අතර ඔවුන්ට විරුද්ධව නඩු ඇසීමක් මෙතෙක් සිදුවී නොමැත.truth