Tuesday, February 16, 2010

ජනාධිපතිවරණ ප්‍රතිඵලයට එරෙහිව අධිකරණයට


පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් එකී ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.
සෝමවංශ අමරසිංහ,සුනිල් හඳුන්නෙත්ති,‍‍‍ජෝන් අමරතුංග,අනුර කුමාර දිසානායක,රවී කරණානායක යන මහත්වරුන් මෙම පෙත්සම අද පෙරවරුවේ නීතිඥවරුන් මගින් ඉදිරිපත් කර ඇත.
පසුගිය ජනවාරි මස 26 වන දින පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලැබූවද පොදු විපක්ෂයේ නියෝජිතයින් මෙම ප්‍රතිඵලය දූෂිත බව සඳහන් කරමින් දිගින් දිගටම චෝදනා කරනු ලැබිණි.
මෙම පෙත්සම මගින් කරුණු කාරණා බොහොමයක් සනාථ කරනු ඇති බවත්,ඒ නිසාම මෙම පෙත්සමට අධිකරණය මගින් සාධාරණයක් ඉෂ්ඨ කෙරෙනු ඇති බවට තමන් තුළ බලවත් විශ්වාසයක් පවතින බවත් විපක්ෂයේ මහත්වරු අවධාරණය කරති.

0 comments:

Post a Comment