Tuesday, February 16, 2010

ජෙනරාල් රඳවා සිටින නිවසේ ජනෙල් ලෑලිවලින් වසා සීල් කරලා -බිරිඳ අනෝමා


මගේ සැමියා මානසිකව වැටී ඇතැයි බොහෝ අය සිතා සිටියත් ඔහු ගේ මානසික තත්ත‍වය ඉතා ඉහළ මට්ටමකින් පවතින බව ජෙනරාල් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මිය අද (16) සඳහන් කළාය.
ඇය මේ සඳහන කළේ පිටකෝට්ටේ zzසිරිකොතZZ මන්දිරය ඉදිරිපිට ජෙනරාල් ෆොන්සේකා මහතාට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කරන සත්‍යග්‍රහයට සහභාගි වෙමිනි.
එහිදී ඇය මෙසේද ප්‍රකාශ කළාය.
මගේ සැමියා රඳවා සිටින්නේ සමහර අය කියන සුඛෝපභෝගී තැනක නොවෙයි. නාවික හමුදා මූලස්ථානයේ විවාහක නිලධාරීන් සඳහා වෙන්කර ඇති නිවාසයක. එAක සාමාන්‍ය කාමර 2 කින් යුත් තට්ටු නිවාසයක් (ෆ්ලැට් එකක්). ඔවුන් එAකෙ ජනෙල් පවා ලෑලි ගහල සීල් කරලයි තියෙන්නේ. එය වාතාශ්‍රය ලැබීමට බාධාවක්. ඒ නිසා වෛද්‍යවරු නිර්දේශ කරලා තිඛෙනවා වායුසමීකරණ යන්ත්‍රයක් හෝ සැපයිය යුතුයි කියලා. ඔවුන් එය ලබා දෙන බවට පොරොන්දු වුණා. මා ඔහුගේ දිවා හා රාත්‍රී ආහාරය සපයනවා.
අපව මානසිකව වට්ටන්න තමයි මේ අය උත්සාහ ගන්නේ. එA නිසයි ඔවුන් අපව මේ ඉතා අසාධාරණ ලෙස හැමදේටම පටලවන්න හදන්නේ. ජෙනරාල්වරයා ඉතා හොඳ මානසික මට්ටමකින් ඉන්නවා වගේම හොඳ සෞඛ්‍ය තත්ත‍වයකින් පසු වෙනවා.
සත්‍යග්‍රහය තවදුරටත් පැවැත්වෙන අතර ජෙනරාල්වරයා නිදහස් කරන ලෙස ඉල්ලා අද සවස උද්ඝෝෂණයක්ද පවත්වන බව එහි සංවිධායකයෝ ප්‍රකාශ කළහ.lankaenews

0 comments:

Post a Comment