Tuesday, February 16, 2010

සෝමා කුමාරිගේ අභාවයෙන් හිස්වූ නිකවැරටිය ආසනය ජොන්ස්ටන්ට

හිටපු මන්ත්‍රීනී සෝමා කුමාරි තෙන්නකෝන්ගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වී තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සංවිධායක ධූරය, එක්සත් ජාතික පක‍ෂයෙන් ආණ්ඩුවට එක්වූ ජොන්ස්ටන් ප්‍රනාන‍දු වෙත පවරා තිබේ. එම ආසනයට ජොන්ස්ටන් පත්කිරීමට එරෙහිවූ එස්.බී. නාවින්න ඇමතිවරයාට මෙම මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන නායකත්වය ලබාදෙමින් එම විරෝධය යටපත් කර දැමීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. ඉදිරි මහමැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායමේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කර ඇත්තේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය අනුර පි්‍රයදර්ශණ යාපාය. සෝමාකුමාරි තෙන්නකොන්ගේ අභාවයෙන් පසුව නිකවැරටිය ආසනයේ සංවිධායක ධූරය ලබාගැනීමට ජාතික ආක‍ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක‍ෂ ජෙනරාල් ලක‍ෂමන් හුළුගල්ලේද උත්සාහ කළේය. කෙසේ වුවද ජොන්ස්ටන් ප්‍රනාන‍දු නිකවැරටිය ආසනයට පත්කිරීමේන් පසු එක්සත් ජාතික පෙරමුණ විසින් එම ආසනයේ සංවිධායකවරිය ලෙස, හිටපු පළාත් සභා මන්ත්‍රීනි හා ශ්‍රී ල.නි.ප. මහජන පාර්ශ්වයේ ෙජ්්‍යෂ්ඨ උපසභාපති උපුලාංගනී මාලගමුව පත්කර තිබේ. lanka news web

0 comments:

Post a Comment