Tuesday, February 16, 2010

මාර්තු වනවිට බිම් බෝම්බ ඉවත්කිරීම අවසන්


මාර්තු මාසය අවසන් වීමට පෙර මන්නාරම දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් කරන බව රජය පවසයි.
මේ වන විට මන්නාරම දිස්ත්‍රික්කයේ සියයට අසූ පහකට වැඩි භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර තිබේ. පසුගිය කාලය තුළ පැවති වර්ෂාව හේතුවෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බාධා එල්ලවිය.
මේ දින වල පවතින වියළි කාළගුණයක් සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කරන බව ද රජය සඳහන් කරයි. ඒ සඳහා රාජ්‍ය නොවන කණ්ඩායම් වල සහය ද ලබා ගැනීමට නියමිතය. adaderana

0 comments:

Post a Comment