Tuesday, February 16, 2010

ෆොන්සේකාට එරෙහිව ඒක පාර්ශ්වික සාක්ෂි විමසීමක්..?


අත්අඩංගුවේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණයේ සාක්ෂි විමසීම ඒක පාර්ශ්වික ලෙස සිදු කිරීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති වග ආරක්ෂක අංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
පරීක්ෂණ පවත්වාගෙන යාමේදී කරුණු විමසීම් වලදී යුද හමුදා පොලීසියට සහය නොදීම නිසා ඉදිරියේදී ඔහු නොමැතිව පරීක්ෂණ කටයුතු කරගෙන යාමට යුද හමුදා පොලීසිය තීරණය කර ඇතැයි කියැවේ.
ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මේ වන විට නාවික හමුදා මූලස්ථානයට අයත් මධ්‍යස්ථානයක රඳවාගෙන සිටින අතර ඔහුගේ බිරිඳට දිනකට දෙවරක් ආහාරපාන රැගෙන ඔහු හමුවීමට අවසර ලබා දී තිබේ.
ඊට අමතරව ජෙනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන්ටද ඔහු හමුවීමට අවසර ලබා දී ඇතත් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවා ඔහු හමුවී ඇත්තේ එක්වරක් පමණක් බව කියැවේ. adaderana

0 comments:

Post a Comment