Tuesday, February 16, 2010

ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායක ධූර අහෝසියි


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් මින් ඉදිරියට දිස්ත්‍රීක් සංවිධායකවරුන් ලෙස සැලකීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්කරයි.
මෙතෙක් කාලයක් මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක තනතුරු සියල්ල මින් ඉදිරියට දිස්ත්‍රීක් සංවිධායක තනතුරු ලෙස සලකා කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් පක්ෂ ප්‍රධාන ලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දී තිබේ.
නව දේශපාලන සංස්කෘතියක් රටේ ස්ථාපිත කිරීමටත්,සදාචාරාත්මක දේශපාලන රටාවක් නිර්මාණය කිරීමටත්,මනාප ක්‍රමය යටතේ පාක්ෂිකයින් අතර අර්බුද ඇතිවීම වළක්වා ගැනීමත් මෙම ක්‍රියා මාර්ගයේ අරමුණ වූ බව නිවේදනයේ දැක්වේ.
මෙම තීරණය ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය සංවිධාන,ශාඛා සංවිධාන,වෙත මෙන්ම දැනුම් දිය යුතු සෙසු ස්ථාන වලට දැනුම් දිය යුතු බව ට ජනාධිපතිවරයා විසින් පක්ෂ ලේකම්වරයාට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

0 comments:

Post a Comment