Tuesday, February 16, 2010

ලංකා කර්තෘට නිදහස ලැබෙයි


ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි ලංකා පුවත්පතේ ප්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා නිදහස් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය අද නියමකර තිබේ.
සිරිමල්වත්ත මහතා අද ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ නියෝග කර ඇත.
එහිදී සිරිමල්වත්ත මහතාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වූ බවත් ,ඒ හේතුවෙන් සිරිමල්වත්ත මහතා කිසිදු ඇප කොන්දේසියක් නොමැතිව නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලද බවත් සඳහන් වේ.
පළ වූ ලිපියකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට යයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන ගිය චන්දන සිරිමල්වත්ත මහතා පසුගිය ජනවාරි මස 29 වන දින සිට රඳවා තබා ගනු ලැබිණි.

0 comments:

Post a Comment