
එල්. ටී. ටී. ඊය විසින් පවත්වාගෙන ගිය ඊලාම් බැංකු ලෙස හඳුන්වන ලද මූල්‍යමය සංවිධාන ජාලයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙම බැංකු වලින් උතුරු නැගෙනහිර ජනතාව සඳහා ණය සැපයිම ඇතුළු තවත් මූල්‍යමය සේවාවන් සපයා ඇති බවද එහිදී සොයාගෙන ඇත.
එල්. ටී. ටී. ඊ සංවිධානය මෙවැනි බැංකු 11ක් පවත්වාගෙන ගොස් ඇත. පසුගිය වසරේ මැයි මාසයේදී ඔවුන් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වීම දක්වාම ඔවුන් මෙම බැංකු හරහා විවිධ මූල්‍ය කටයුතු පවත්වා ඇති බව වාර්තා වේ. උතුරේ වන්නි ප්‍රදේශයේ හා නැගෙනහිර පළාතේ ප්‍රධාන වශයෙන් මෙම බැංකු කටයුතු මෙහෙයවා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මෙම බැංකු වලින් තුනක් මඩකලපුවේ කොක්කඩිචෝලෙයි ප්‍රදේශයේද, දෙකක් ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේද, සෙසු බැංකු වන්නි ප්‍රදේශයේද පවත්වාගෙන ගොස් ඇත.
0 comments:
Post a Comment