Tuesday, February 16, 2010

නව බඳවා ගැනීම් වහාම නවතන්න


රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් වහාම නතර කරන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අප්‍රේල් මාසයේ පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනුව අප්‍රේල් මාසයේ පැවැත්වෙන මැතිවරණය අවසන් වන තුරු රාජ්‍ය සේවයේ කිසිඳු බඳවා ගැනීමක් සිදු නොකරන ලෙස මැතිවරණ දෙපාර්තමේන්තුව රජයට දැනුම් දී ඇත. මේ අතර රාජ්‍ය සේවය සඳහා නව බඳවා ගැනීම් වලට අදාළ විභාග පැවැත්වීමද මෙම කාල සීමාව තුළ නතර කළ යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් ‍වේ.

0 comments:

Post a Comment