Tuesday, February 16, 2010

ලංකා කර්තෘ ගැන ජනපතිගෙන් තීන්දුවක්


ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා ඇප මත නිදහස් කිරීමට සහය දෙන ලෙසත්,ඔහුට එරෙහිව පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
අද පෙරවරුවේ පොලිස්පති මහින්ද බාලසූරිය මහතාට මෙසේ උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඊයේ(15)සවස ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා කරන ලද ඉල්ලීමකට ඇහුන්කන් දෙමින් මෙසේ උපදෙස් දුන් බව සඳහන් වේ.
මින් ඉදිරියට මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගන්නේනම් හෝ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් නීතිමය කටයුත්තක් සිදුකරන්නේ නම් තමා ජනමාධ්‍ය ඇමතිවරයා බැවින් අනිවාර්යයෙන්ම තමා දැනවත කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

0 comments:

Post a Comment