Monday, February 15, 2010

ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය අනුරපුර පොලිසියටත් උසාවියෙන් බැනුම්


නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහාම නිදහස් කරන ලෙද ඉල්ලා අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් විපක්ෂයේ සියලු පක්ෂ එක්ව සිදු කළ අතර, මෙහිදී උද්ඝෝෂකයින්ට මැර ප්‍රහාරයක් එල්ල වූ අතර, පසුව පොලිසියද මැරයින් හා එක්ව උද්ඝෝෂකයින්ට පහර දුණි.
පොලිසියේ මෙම ප්‍රහාරයෙන් පසු උතුරු මැද මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ වාහනයකට පහර දුන් බවට චෝදනා කරමින් මිහින්තලේ වළහාහැංගුණු වැවේ ඤාණරතන හිමි, හිටපු මන්ත්‍රී හැරිසන්, ජ.වි.පෙ. පළාත් සභා මන්ත්‍රී අනුර දිසානායක හා නාගරික මන්ත්‍රී අරුණ කුමාර යන අය අත්අඩංගුවට ගැනීම සඳහා උසාවි නියෝගයක් ලබා දෙන ලෙද අනුරාධපුර පොලිසිය අද අධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.
මේ අවස්ථාවේදී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය පොලිසියෙන් විමසුවේ මේ වෙනුවෙන් අදාල සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි. මෙහිදී පොලිසිය අධිකරණයට පැවසුවේ එයට අදාල සාක්ෂි නොමැති බවයි. පොලිසිය වෙනුවෙන් පෙනී සිටි අනුරාධපුර පොලිස් සැරයන් හේරත් මහතා පැවසුවේ අදාල සාක්ෂි නැතත් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බැවින් උසාවි නියෝගයක් නිකුත් කරන ලෙසයි.
මේ අවස්ථාවේදී පොලිසිය ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා මෙනෙවිය පැවසුවේ පදනම් විරහිත මෙවැනි ඉල්ලීම් ඉල්ලනුයේ අධිකරණය පිළිබඳ කුමන අදහසක් ඇතිවද යනුවෙනි. වැඩි දුරටත් පොලිසියට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම උසාවි නියෝගය ඉල්ලීම වෙනුවෙන් පොලිස් සැරයන් හේරත්ට උපදෙස් දුන් නිලධාරියා වහාම අධිකරණයට කැඳවන ලෙස දන්වා නොතීසි නිකුත් කළාය.truth

0 comments:

Post a Comment