Monday, February 15, 2010

මාතර නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්


මාතර මහ නගර සභාවේ නගරාධිපති උපුල් නිශාන්ත මහතා කරනු ලැබීයයි කියනු ලබන අක්‍රමිකතා හා මුදල් වංචාකිරීම් සම්බන්ධයෙන් පළාත් සභා නිලධාරීන් පිරිසක් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් මහතා පවසයි.
නගර සභා මන්ත්‍රීවරුන් පිරිසක් විසින් නගර සභාවේ මූල්‍ය වංචා සිදු වී ඇති බවට හා පරිපාලනමය අක්‍රමිකතාවන් පිළිබඳ තමාට පෙත්සමක් මගින් දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පළාත් පාලන අමාත්‍යංශ ලේකම්වරයා දැනුවත් කළ බව හෙතෙම කියා සිටියි.
තමා කිසිදු විටෙක මුදල් අක්‍රමිකතා සිදු නොකළ බවත්,පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දෙන්නට තමන් සූදානම් බවත් මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතා පවසයි.
මුදල් වංචා හෝ අක්‍රමිකතා නිසා නොව තමන් පසු ගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහය ලබා දීම හේතුවෙන් මෙසේ තමාට විරුද්ධව පරීක්ෂණ පවත්වන්නට තීරණය කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා

0 comments:

Post a Comment