
අත් බෝම්බයක් පුපුරා යාමෙන් යාපනය කොලොම්තුරෙයි මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
දස වියැති මෙම සිසුන් දෙදෙනා අද සවස 2.00 ට පමණ පාසල් ඇරී යන අතරතුර පාරේ තිබී බෝම්බයක් යයි නොදැන අහුලාගෙන ඇති අතර කිසිවෙක් එය දැක වහා වීසි කරන්නැයි පැවසීමෙන් පසු වීසිකර තිබේ.
වීසි කළ පසු එය පුපුරා යාමෙන් සිසුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර හය දෙනෙකු තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර තිබේ. adaderana
0 comments:
Post a Comment