Sunday, June 27, 2010

අනවසර සංක්‍රමණිකයින් ගැන තීරණය සති දෙකකින්


ඔස්ට්‍රේලියාවට ඇතුළු වන අනවසර සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශ කරන බව ඔස්ට්‍රේලියාවේ නව අගමැතිනි ජූලියා ගිලාර්ඩ් මහත්මිය පවසයි. ශ්‍රී ලාංකික සහ ඇෆ්ගනිස්ථාන සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් ඇතුළු වීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය කෙවින් රුඩ් පසුගිය දා නියෝග කර තිබුණි.

හිටපු අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ජනතා අප්‍රසාදය පළ වීමට මෙය හේතුවක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔස්ට්‍රේලියානු අත්අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ සම්බන්ධයෙන් නැවත සලකා බැලීම ලබන ජූලි 8 වනදා සිදු කිරීමට නියමිතය. එදිනට පෙර තමාගේ තීරණය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය පවසයි. ඊයේ ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජූලියා ගිලාර්ඩ් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේය. adaderana

ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට සහය


ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා සහය ලබා දීමට සූදානම් බව දිවයිනට පැමිණ සිටින ඉන්දීය මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්ත රා‍ජ්‍යයේ ප්‍රධාන අමාත්‍ය ශ්‍රී සිවරාජ් සිං මහතා පවසයි. ‍ඓතිහාසික වශයෙන් වැදගත් වූ වැලිමඩ, දිවුරුම්වෙල විහාරයේ ඉදි කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයට මුල් ගල් තැබීමේ උත්සවයට ඊයේ එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙරටේ මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියාවේ ඉදිකෙරෙන බෞද්ධ විශ්ව විද්‍යාලයට රුපියල් කෝටියක මුදලක් ලබා දෙන බව එහි දී ශ්‍රී සිවරාජ් සිං මහතා තවදුරටත් පැවසුවේය. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව ඈත අතීතයේ පටන් අධ්‍යත්මික ශක්තියෙන් පිරි රටවල් දෙකක් බවත් ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ජනතාව නියෝජනය කරමින් මෙරටට පැමිණීමට ලැබීම පිළිබඳ තමා සතුටු වන බවත් ඔහු සඳහන් කළේය. දෙරට අතර සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා තවදුරටත් සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රී සිවරාජ් සිං මහතා පවසයි. adaerana

ලංකාවේ අනාගතයට මානව හිමිකම් අත්‍යවශ්‍යයි


ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා මානව හිමිකම් අත්‍යවශ්‍ය අංගයක් බව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පී. ජේ ක්‍රෝව්ලි පවසයි. මහින්ද රාජපක්ෂ රජය එල්. ටී. ටී. ඊ ය පරාජය කර ඇති මොහොතේ කඩිනමින් ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා වී ඇති බව ක්‍රෝව්ලි මහතා පවසයි.

අමෙරිකාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා පත්කළ කමිටුවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බැලීමට අවසර ලබා දීම වැදගත් වන බව ද ක්‍රෝව්ලි මහතා මෙහි දී ප්‍රකාශ කළේය. adaderana

2012 දී ඉසුරු පාසල් 325 තෙක් ඉහළට


වසර 2012 වන විට ඉසුරු පාසල් සංඛ්‍යාව 325 දක්වා ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජාතික පාසල් වලට ඇතුළත් වීම සඳහා පවතින ඉහළ ඉල්ලුමට පිළියමක් වශයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල මෙම ඉසුරු පාසල් ස්ථාපිත කරනු ලැබීය.

මෙම පාසල් ද්වීතීක අධ්‍යාපනය සඳහා ජාතික පාසල් මට්ටමට වැඩිදියුණු කිරීමට නියමිතය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉසුරු පාසල් වශයෙන් පාසල් 150 ක් හඳුනාගෙන ඇත. adaderana

දැදුරුඔය පාලම අසල රිය අනතුරින් 6ක් මියයයි


කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දැදුරුඔය පාලම අසල සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 ‍දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ. වෑන් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

අද අලුයම 2.30 ට පමණ මෙම අනතුර සිදු ව ඇති බව වාර්තා වේ. අනතුරින් තුවාල ලැබූවන් කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. adaderana

නිර්මාල් වර්මා අද ලංකාවට


ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් නිර්මාල් වර්මා මහතා අද දිවයිනට පැමිණීමට නියමිතය. ඔහු ජූලි 2 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් මහතා සඳහන් කළේය. නිර්මාල් වර්මා මහතා මෙරටට පැමිණෙන්නේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතාගේ ආරාධනයකට අනුවය.

මෙම සංචාරය තුළ දී ඔහු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය දී. මූ ජයරත්න මහතා ඇතුළු රජයේ ප්‍රධානීන් රැසක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ඉන්දීය නාවික හමුදා ප්‍රධානී නිර්මාල් වර්මා මහතා මෙම සංචාරයේ දී උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක සංචාරය කරනු ඇත. adaderana

අයඩින් ඌනතාව තුරන් කිරීමට විශේෂ වැඩසටහන්


අයඩින් ඌනතාවය මෙරටින් තුරන් කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය අයඩින් ප්‍රමාණය නිසි පරිදි ලැබෙන්නේ ද යන්න පිළිබඳව මෙහි දී සොයා බැලීමට නියමිතය.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව නිවෙස් වල භාවිතා කරන ලුණු වල ඇති අයඩින් ප්‍රමාණය පරීක්ෂා කිරීම සිදු කෙරෙනු ඇත. නියමිත පරිදි අයඩින් මිශ්‍ර කර නොමැති ලුණු භාවිතය වැළැක්වීම සහ එවැනි ලුණු නිෂ්පාදනය කරන ආයතන හඳුනා ගැනීම මෙමඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. adaderana

ත්‍රස්තවාදයට එරෙහිවීමට ද .ආසියාවේ එකඟතාව


ත්‍රස්තවාදයට එරෙහිව එක්ව ක්‍රියා කිරීමට දකුණු ආසියානු කලාපීය රටවල් එකඟතාව පළ කර තිබේ. දකුණු ආසියානු කලාපීය අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍ය‍වරුන්ගේ සමුළුවේ දී මෙම එකඟතාවට පැමිණ ඇති බව සඳහන්ය. මෙම සමුළුව ඊයේ පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සදහා රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා සහභාගී වී සිටියේය.
දකුණු ආසියනු රටවල් එක්සත් ව ත්‍රස්තවාදයට නැඟී සිටිය යුතු බව මෙහි දී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී.චිදම්බරම් මහතා ප්‍රකාශ කළේය. දකුණු ආසියානු කලාපයට මේ වන විට බරපතල ත්‍රස්තවාදී ගැටලුවක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. එම නිසා සාර්ක් කලාපීය සියලු රටවල් මෙම අභියෝගයට එක්ව මුහුණ දීමේ වැදගත්කම චිදම්බරම් මෙහි දී පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදයට එරෙහිව සාර්ක් කලාපීය සියලු රටවල අමාත්‍යවරුන් මෙහි දී එක්ව කටයුතු කිරීමට ප්‍රතිඥා ලබා දී ඇති බව සඳහන්ය. adaderana

මූන්දලම සුසාන භූමියක මෝටාර් උණ්ඩ 2ක්


මූන්දලම, කුඩිරිප්පුව ප්‍රදේශයේ සුසාන භූමියක සගවා තිබූ මෝටාර් උණ්ඩ දෙකක් සොයා ගෙන තිබේ. මුන්දලම පොලිසිය විසින් ඊයේ පස්වරුවේ මෙම මෝටාර් උණ්ඩ සොයා ගෙන ඇති බව සඳහන්ය. අඟල් 8 ක් පමණ උසැති මෙම උණ්ඩ ෂොපින් බෑගයක් තුළ බහා තල් ගසක අතු දෙකක් අතර සඟවා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සුසාන භූ‍මියේ පිරිසිදු කිරීම සඳහා ගිය පිරිසක් මෙම උණ්ඩ දැක ඇති අතර පසුව එය පිළිබඳව ‍මුන්දලම පොලිසියට දැනුම් දී තිබේ. කවුරුන් විසින් මෙම මෝටාර් උණ්ඩ සඟවා තැබුවේ ද යන්න අනාවරණය වී නැත. මුන්දලම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. adaderana

කොමිෂන් සභා ගැන පක්ෂ සමග සාකච්ඡා


ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැෆ්රල් සංවිධානය පවසයි.
මීළඟ මැතිවරණයට පෙර ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම අත්‍යාවශ්‍ය බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි. ඒ සඳහා රජය මූලිකත්වය ගෙන කටයුතු කළ ‍යුතු බව ද හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙයි. adaderana

අනුරාධපුර බැතිමතුන්ට අද ත් නොමිලේ දුම්රිය සේවා


බැතිමතුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් අනුරාධපුරය දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා ආරම්භ කළ විශේෂ දුම්රිය සේවය අද දිනයේ ද ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව ‍ෙපාසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර සිට ක්‍රියාත්මක වූ අනෙකුත් විශේෂ දුම්රිය ගමන් වාර ද ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි.

අනුරාධපුර සහ මිහින්තලය දුම්රිය ස්ථාන අතර පිහිටි විශ්‍රාම ශාලා මගින් මගීන්ට ‍නොමිලේ නවාතැන් පහසුකම් සලසා ඇති බව ද විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

ඓශ්වර්යාගෙන් පොලීසියට පැමිණිල්ලක්


තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය ස්කෑන් කොට අන්තර්ජාලයට මුදාහැරීමට එරෙහිව සුපිරි බොලිවුඩ් නිළි ‍ඓශ්වර්යා රායි විසින් සයිබර් අපරාධ මර්දන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

තමන් නොදැන කිසිවෙකු හෝ විසින් මෙම අකටයුත්ත සිදුකර ඇති බවත්,ඒ කවුරුන්දැයි සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙසත් ඇය පොලීසියෙන් ඉල්ලා ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරියෙකු ඇගෙන් කටඋත්තරයක් ලබාගනිමින් ගමන්බල පත්‍රය ඇය විසින් ලබාදෙන ලද්දේ කාටදැයි විමසා ඇත.

"රූගතකිරීම් සඳහා පිටත්වන විට චිත්‍රපට අධ්‍යක්ෂවරයා ට විදෙස් ගමන් බලපත්‍රය ලබාදීමට කටයුතු කරනවා..ඒ හැරුණුවිට කාටවත්දීලා නෑ..තියෙන්නේ මගේ ළඟමයි.."ඇය පොලීසියට පවසා ඇත.

අභිෂේක් හා විවාහ වන විට ඇය අභිෂේක්ට වඩා වසරක් පමණක් වැඩිමහල් යුවතියක බව පිළිගත් නමුදු ඇගේ උපන්දිනය නිවරදි ලෙස මාධ්‍යයට හෙළිදරව් නොකැන ලදී.

එසේ වුව ඇගේ විදෙස් ගමන්බල පත්‍රය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඇය අභිෂේක්ට වඩා වසර 3 ක් වැඩිහිටි බව ප්‍රේක්ෂකයන්ට පිළිගන්නට සිදුවී තිබේ. අභිෂේක් බච්චන්ගේ වයස මේ වන විට 34 ක් වන අතර ඓශ්වර්යාගේ විදෙස් ගමන් බලපත්‍රයේ සඳහන් වන පරිදි ඇගේ උපන්දිනය 1973-11-01 වන දාය. ඒ අනුව ඇයට මේ වන විට වයස අවුරුදු 37 ක් වන අතර සැබවින්ම ඇගේ ස්වාමියාට වඩා වයස අවුරුදු 3 ක් වැඩිමල්ය. ‍ කෙසේ වෙතත් මේ වන විට ඇගේ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන සයිබර් අපරාධ මර්දන පොලීසියේ සැකයට හේතුවී ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ය විවාහ ජීවිතයට ඇතුළත්වීමෙන් දිගු කලකට පසු ඓශ්වර්යා රංගනයෙන් දායක වී ඇත්තේ මනිරත්නම්ගේ"රාවන්" චිත්‍රපටයටය. adaderana

Friday, June 25, 2010

සීගිරියේ සියලු ඉදිකිරීම් නවතන්නැයි නියෝග


සීගිරිය පුරාවිද්‍යා භූමියෙහි දැනට සිදුකෙරෙන සියලු ඉදිකිරීම් වහා නවතා දැමීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ. සීගිරිය පුරාවිද්‍යා භූමියේ සිදුකෙරෙන ඉදිකිරීම්වලට එරෙහිව ගම්වාසීන් පිරිසක් දැක්වූ විරෝධතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය.

ඊට එරෙහිව ගම්වාසීන් ‍තිදෙ‍‍නෙක් පසුගියදා උපවාසයක ද නිරත විය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුළු පිරිසක් අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්ය.adaderana

විද්වත් කමිටුව ලංකාව පිළිගත යුතුයි -අමෙරිකාව


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකා රජය පිළිගත යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. මෙම කමිටුවේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත සුසෑන් රයිස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දශක ගණනාවක් පැවති යුද ගැටුම්වලින් පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අමෙරිකාව සහය දක්වන බවත් ඒ අනුව එක්සත් ජාතීන්ගේ ම‍හලේකම්වරයා මෙවැනි විශේෂඥ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකාවට වැදගත් වන බවත් අමෙරිකාව පෙන්වාදෙයි. ඒ අනුව අදාළ කමිටුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකාවේ වගකීම බව සුසෑන් රයිස් මහත්මියගේ අදහස වී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසම ලොව සෙසු රටවල ක්‍රියාත්මක ඒ හා සමාන කමිටු සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බව සුසෑන් රයිස් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. aderana

මොන බලපෑම් ආවත් සංශෝධනය සිදුවෙනවා -මර්වින්


කුමන බලපෑම් පැමිණිය ද ව්‍යවස්ථා සංශෝධනය සිදුවන බව මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. පාර්ලි‍මේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම, ජනාධිපති ධුර කාලය සංශෝධනය කිරීම ඇතුළු කරුණු ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් බව මර්වින් සිල්වා මහතා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය විවිධ බලපෑම් එල්ල කළ ද අනිවාර්යයයෙන් ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බව මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

බැතිමතුන් ලක්ෂ ගණනින් අනුරාධපුරයට


පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුර, මිහින්තලය ආශ්‍රිත පූජාභූමි වෙත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණ සිටිති. බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පැවසුවේය. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් පූජාභූමියේ ඓතිහාසික ස්මාරකවලට හානි සිදුනොවන ආකාරයෙන් කටයුතු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ලියාපදිංචි බත් දන්සල් 37ක් නගරයේ ක්‍රියාත්මක බව අනුරාධපුර මහනගර සභාව පවසයි. ඊට අමතරව සිසිල්පැන්, කුරුම්බා, තේපැන් ආදී දන්සල් රැසක් ද ක්‍රියාත්මකය. පෞද්ගලික මට්ටමින් පවත්වන දන්සල් 150කට ආසන්න ප්‍රමාණයක් ද අනුරාධපුර නගර‍ය ආශ්‍රිතව සංවිධානය කර ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

මේ අතර වන්දනාවේ පැමිණෙන බැතිමතුන් කිසියම් හදිසි අනතුරකට මුහුණ දුනහොත් දැනුම් දීම සඳහා හදිසි දුරකතන අංකයක් අනුරාධපුර මහරෝහල ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව දුරකතන අංක 110 ඇමතීමෙන් ඒ බව දැනුම් දිය හැකි බව අනුරාධපුර මහරෝහල සඳහන් කරයි. adaderana

අනුරාධපුරයට පොලිතින් ගේන්න එපා


පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර ප්‍රදේශයට පැමි‍ණීමේ දී පොලිතින් රැගෙන ඒමෙන් වළකින ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි. බැතිමතුන් ඉවතලන පොලිතින් ප්ලාස්ටික් ආදී අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වන බව එම අධිකාරිය පෙන්වාදෙයි.

කෙසේවෙතත් විශාල බැතිමතුන් සංඛ්‍යාවක් අනුරාධපුර ප්‍රදේශයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් කසළ බහාලීම සඳහා කසල බඳුන් 120 ක් ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අසල ස්ථාපනය කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ සඳහා අනුරාධපුර මහ නගර සභාව සහ පළාත් පාලන ආයතන අනුග්‍රහයක් දක්වන බව එම අධිකාරිය පවසයි. ඊට අමතරව කැළිකසල කලමනාකරණය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අනුරාධපුර ප්‍රදේශයේ අද දිනයේත් හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ. adaderana

නැවත පදිංචි කිරීම් සාර්ථකව


වව්නියාවේ අවතැන් කඳවුරුවල තවදුරටත් රැදී සිටින ජනතාව සිය මුල් ගම්බිම්වල පදිංචි කරවීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවන බව නැවත පදිංචි කිරීමේ අමත්‍යාංශය පවසයි. සතියකට පුද්ගලයින් දහසත් දෙදහසත් අතර ප්‍රමාණයක් යළි පදිංචි කරවන බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු රාජ්‍ය‍ නොවන සංවිධානවල සහය ලැබෙන බව සඳහන්ය. අදාළ සංවිධාන සමග එක්ව නැවත පදිංචි කෙරෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන ඇති බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පවසයි. adaderana

බලය වැඩිකර ගැනීමට විරුද්ධයි -රනිල්


ජනවරමක් නොමැතිව තමන්ගේ බලය වැඩි කරගැනීමට දරන උත්සාහයට එක්සත් ජාතික පක්ෂය දැඩි වි‍රෝධය පළ කරන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 17 වන සංශෝධනය ඉවත් කරන බවට හො‍් ජනාධිපති ධුර කාලය වැඩිකිරීම සඳහා ආණ්ඩුව කිසි‍විටෙකත් ජනවරමක් ඉල්ලා නොසිටි බව විපක්ෂ නායකවරයා පෙන්වාදෙයි.

මහනුවරදී පැවති පළාත් සභාවල විපක්ෂ නායකවරුන්ගේ සම්මේලනයේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය. කෙසේවුවද රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනවලට තමන්ගේ වි‍රෝධයක් නොමැති බව ද විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කළේය. adaderana

සදහම් පණිවිඩය ලද පොසොන් සැමරේ


අනුබුදු මිහිඳු නාහිමියන් ලක්දිවට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම සිහිපත් කරමින් බෞද්ධ ජනතාව අදට යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සමරයි. මෙරට පැවති යුද්ධය අවසන් වීමෙන් පසු සියලු බෞද්ධයන් සාමකාමී වටපිටාවක් යටතේ පොසොන් උත්සවය සැමරී‍ම විශේෂත්වයකි. අනුරාධපුරය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් විශාල පිරිසක් වන්දනාවේ නිරතවීම ද පොසොන් සමයේ සිදුවේ.

අනුරාධපුරය සහ මිහින්ත‍ලය ප්‍රදේශයට මෙවර පොසොන් සමය වෙනුවෙන් ලක්ෂ 20 ක පමණ ජනතාවක් පැමිණ ඇති බවට පොසොන් උත්සව සංවිධායක කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පවසයි. එම ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ‍පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් උතුරු මැද පළාතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි එම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දසනායක මහතා පවසයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම රථ වාහන පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු පමණ යෙදවීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලේ සිට අනුරාධපුයට නොමිලේ දුම්රි‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ සිට ලබන 27 වන දිනය දක්වා මෙම දුම්රිය සේවය ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

එක්සත් ජාතීන් ගැන රුසියාවේ අප්‍රසාදය


ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් කමිටුවක් පත්කිරීම පිළිබඳ රුසියාව සිය විරෝධය පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හෝ මහා මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු රජය සඳහන් කරයි. මීට පෙර ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගැනීමට දැරූ උත්සහය රුසියාව ප්‍රමුඛ රටවල මැදිහත්වීමෙන් ව්‍යර්ථ කෙරුණි.adaderana

පරීක්ෂණ සඳහා ලංකාවට පැමිණීම අවශ්‍ය නෑ


ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ විද්වත් කමිටුව මගින් සිදුකරන විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීම අතවශ්‍ය නොවන බව එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක පවසයි. එක්සත් ජාතීන්ගේ විශේෂ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා නොදෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේය. adaderana

ඇමති චම්පික යාපනයේ ජනයාගෙන් සමාව ඉල්ලයි


97,000 ට අධික පොත් සංඛ්‍යාවක් තිබුණු ලෝක ප්‍රසිද්ධ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම පිළිබඳ තමා දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

යාපනයේ පුස්තකාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ සමාව ඉල්ලූ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

දැනට වසර 30 ට පෙරාතුව යම් අඥාන පිරිසක් විසින් පුස්තකාලය ගිනි තබා විනාශ කෙරුණු බවත්, එමගින් සිදුවූ හානිය බල පැවැත්වුණේ යාපනයට පමණක් නොව සමස්ත රටට ම බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

"සුළු ත්‍යාගයක් ලෙස මෙහිදී පොත් පාර්සලයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන අතර දිගු කාලීනව සහෝදර දෙමළ ජනයාගේ හදවත්තුළ ඇති වූ අමිහිරි අත්දැකීම් වල කැළැල් මකා දැමීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇත. යාපනය නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබිණි. adaderana

රාජගිරියේ දේවස්ථානයක් බිඳ දමයි


රාජගිරිය- 4 වන පටුමග කෝට්ටේ පාර පිහිට් ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයක් පොලීසිය විසින් කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබීමෙන් ප්‍රදේශයේ නොසන්සුන් කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

වසර 30 ක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශවාසීන්ගේ අධාර උපකාර මත ගොඩ නඟා තිබු මෙම දේවස්ථානය හදිසියේ කඩා ඉවත්කිරීමට එරෙහිව ජනයා සිය විරෝධය පාන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

පවුල් 150 ක් පමණ මෙම දේවස්ථානයේ පුද පූජා කටයුතු වලට සහභාගී වෙමින් සිටියද හදිසියේම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පොලිස් නිලධාරීන් 100 ක් පමණ පිරිවරාගෙන බැකෝ යන්ත්‍රයක්ද රැගෙන පැමිණ මෙම දේවස්ථානය කඩා බිඳ දැමීමට කටයුතු කර තිබේ.

අනවසර ඉදිකිරීම් ලෙස පවතින ‍ඉදිකිරීම් ඉවත්කිරීමට තීරණය කර ඇති හෙයින් ඉහළින් ආ නියෝගයකට අනුව මෙම කටයුතු සිදුකළ බව වැලිකඩ පොලීසිය සඳහන් කරයි.

සිදුවීම සිදුවන අවස්ථාවේ එතැනට පැමිණි නගරාධිපතිනිය මේ පිළිබඳ විමසා සිටියද නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හෝ පොලීසිය ඇයව තුට්ටු දෙකකට හෝ මායිම් නොකොට සිය රාජකාරිය කර ගෙන ගොස් ඇත.

මෙම දේවස්ථානය කඩා බිඳ දැමීමට අදාළ නියෝගයක් සඳහන් කිසිදු ලියැවිල්ලක් මෙම නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට පෙන්වා නැති අතර ඒ පිළිබඳ විමසූ බැතිමතුන් කිහිපදෙනෙකුට පොලීසිය විසින් පහරදුන් බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
adaderana

එල්.ටී.ටී.ඊය ගැනත් හොයනවා-මර්සුකී කියයි


යුද්ධය පැවති වකවානුවේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ මෙන්ම එල්.ටී.ටී.ඊ සංවිධානයේද ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකරන බව එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව උපදෙස් ලබා දීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති මර්සුකි දරුස්මන් මහතා පවසයි.adaderana

Tuesday, June 22, 2010

අපි වවමු රට නගමු යටතේ කෘෂි ක්‍ෂේත්‍රය කඩා වැටෙනවා -විජිත


"අපි වවමු රට නගමු"සංකල්පය යටතේ රජය කෘෂි ක්ෂේත්‍රය නඟා සිටුවන බව ප්‍රකාශ කළ ද සැබවින්ම සිදුව ඇත්තේ කෘෂි ක්ෂේත්‍ර‍ය කඩා වැටීම බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි. මහ බැංකු වාර්තා අනුව තේ, පොල්, වී යන වගාවන්ගේ කඩා වැටීමක් දක්නට ලැබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

එසේම රටේ නොපියවු රාජ්‍ය ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ද විජිත හේරත් මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ද මේ වන විට ඉහළ යමින් පවතින බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana

රංගේ ජනපති හමුවෙයි,ආණ්ඩුව 2/3 ට ළංවෙයි..?


පුත්තලම දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී සිය බිරිඳ සහ දරු දෙදෙනා කැටුව ගොස් ජනාධිපතිවරයා බැහැදුටු බවත්,එහිදී මැර ප්‍රහාරයකට ලක්ව තමන් රෝහල් ගතවී සිටියදී ජනාධිපතිවරයා දැක්වූ සහයට ස්තූති කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. පාලිත රංගේ බණ්ඩාර මහතා හා ජනපති හමුව ඔහුගේ දේශපාලන දිවියේ වෙනසකට මං පාදනු ඇතැයි දේශපාලන විචාරකයින්ගේ අදහසයි.

ආසන 144 ක බලයක් සහිතව පිහිටුවා ඇති වත්මන් ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා 2/3 ක බලයක් අවශ්‍යව තිබුණු අතර ,අබ්දුල් කාදර් මන්ත්‍රීවරයාගේ ආගමනයත් සමග ආණ්ඩු පක්ෂයේ ආසන සංඛ්‍යාව 145 ක් විය. 2/3 ක බලයක් ලබා ගැනීමට මන්ත්‍රීධූර 150 ක් සම්පූර්ණ විය යුතුව තිබේ.පාලිත රංගේ බණ්ඩාර මහතාද ආණ්ඩුවට එක්වුවහොත් 2/3 ක බලය සඳහා අවශ්‍ය වන්නේ තවත් මන්ත්‍රීධූර 4 ක් පමණි. adaderana

පිටි මිල ඉහළට-පාන් මිල වෙනස හෙට


තිරිඟු පිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් දහයයි ශත පනහකින් ඉහළ නංවන බව ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම තමන් වෙත දැනුම් දී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. adaderana

ලෝක වෙළඳපොළේ සහන ජනතාවට නොදෙන්නේ ඇයි? -අත්තනායක


ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල පහළ යන විට එම සහනය ජනතාව වෙත ලබාදීමට රජය කටයුතු නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක පවසයි. ලෝක වෙළඳ පොළේ භාණ්ඩ මිල ඉහළ යන විට ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිල ද ඉහළ නැංවීමට රජය කටයුතු කළ ද සීනි, බොරතෙල් වැනි භාණ්ඩ වල මිල ලෝක වෙළඳපොළේ පහළ ගොස් ඇති අවස්ථාවක එම සහන ජනතාවට ලබා‍ දී නොමැති බව අත්තනායක මහතා පෙන්වාදෙයි. අයවැයෙන් ද සහන බලාපොරොත්තු විය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම රජයේ මතට තිත වැඩපිළිවෙල මේ වන විට සම්පූර්ණයෙන්ම අසාර්ථක තත්ත්වයට පත්ව ඇති බවත්, රජයේ සුරාබදු ආදායම පසුගිය වසර දෙක තුළ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත් එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළේය. මෙසේ සුරාබදු ආදායම ඉහළ යාම තුළින් පෙන්නුම් කරන්නේ ජනතාව විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නොවේද යන්න ඔහු ප්‍රශ්න කරයි.

විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මහලේකම්වරයා මේ අදහස් පළ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා වලට අනුව වයස අවුරුදු 15 සහ 64 අතර ජනතාවගෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු පුද්ගලයින් සංඛ්‍යාව 24%කින් ඉහළ ගොස් ඇති බව තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි. මේ අනුව රජයේ මතට තිත වැඩපිළිවෙලේ අසාර්ථක භාවය මනාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය. adaderana

කොළඹ මහ නගර සභාව විසුරුවා හැරේ


කොළඹ මහ නගර සභාව අද මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරීමට ක්‍රියා කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහ නගර සභාවට එල්ල වී ඇති දූෂණ චෝදනා සැලකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී ඇති බලතල ක්‍රියාවේ යොදමින් මහ නගර සභාව විසුරුවා හැරීමට තීරණය කළ බව හෙතෙම කියා සිටියි.

පසුගිය කාලය තුළ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව ද පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවත්,එම වාර්තාවට අනුව ඇතැම් නාගරික මන්ත්‍රීවරුගේ ක්‍රියාපටිපාටිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් පවතින බවත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.

කොළඹ මහ නගර සභාව සඳහා සභිකයින් පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බව ද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය. adaderana