
තිරිඟු පිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබේ. තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් දහයයි ශත පනහකින් ඉහළ නංවන බව ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම තමන් වෙත දැනුම් දී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බව එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. adaderana
0 comments:
Post a Comment