
ජී.එස්.පී. ප්ලස් බදු සහනය තවත් කෙටි කාලයක් සඳහා ලබාදීමට ශ්‍රී ලංකා රජය වෙත කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇතැයි යුරෝපා සංගමය පවසයි. ඒ අනුව අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළ කරමින් ශ්‍රී ලංකා රජය ලිඛිතව ඒ බව යුරෝපා සංගමය වෙත දැනුම් දීම අවශ්‍ය බව එම සංගමය සඳහන් කර ඇත.
අදාළ එකඟතාව ලබාදෙන්නේ නම් ජූලි මාසයේ සිට තවත් මාස 6 ක කාලයකට ජී.එස්.පී. ප්ලස් බදු සහනය මෙරටට හිමිවන බව යුරෝපා සංගමය පවසයි. යුරෝපා සංගමය ඉදිරිපත් කරන ලද කොන්දේසි අතරට මානව හිමිකම් සම්බන්ධ කරුණු කිහිපයක් ද ඇතුළත් බව වාර්තා වේ. කෙසේවෙතත් එම කරුණු සම්බන්ධ රජයේ ලිඛිත එකඟතාව අත්‍යවශ්‍ය බව යුරෝපා සංගමය අවධාරණය කරයි. adaderana
0 comments:
Post a Comment