
"අපි වවමු රට නගමු"සංකල්පය යටතේ රජය කෘෂි ක්ෂේත්‍රය නඟා සිටුවන බව ප්‍රකාශ කළ ද සැබවින්ම සිදුව ඇත්තේ කෘෂි ක්ෂේත්රය කඩා වැටීම බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි. මහ බැංකු වාර්තා අනුව තේ, පොල්, වී යන වගාවන්ගේ කඩා වැටීමක් දක්නට ලැබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
එසේම රටේ නොපියවු රාජ්‍ය ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ද විජිත හේරත් මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ද මේ වන විට ඉහළ යමින් පවතින බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේය. adaderana
0 comments:
Post a Comment