
ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් කමිටුවක් පත්කිරීම පිළිබඳ රුසියාව සිය විරෝධය පළ කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හෝ මහා මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගෙන නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු රජය සඳහන් කරයි. මීට පෙර ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගැනීමට දැරූ උත්සහය රුසියාව ප්‍රමුඛ රටවල මැදිහත්වීමෙන් ව්‍යර්ථ කෙරුණි.adaderana
0 comments:
Post a Comment