Friday, June 25, 2010

ඇමති චම්පික යාපනයේ ජනයාගෙන් සමාව ඉල්ලයි


97,000 ට අධික පොත් සංඛ්‍යාවක් තිබුණු ලෝක ප්‍රසිද්ධ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම පිළිබඳ තමා දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

යාපනයේ පුස්තකාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ සමාව ඉල්ලූ බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

දැනට වසර 30 ට පෙරාතුව යම් අඥාන පිරිසක් විසින් පුස්තකාලය ගිනි තබා විනාශ කෙරුණු බවත්, එමගින් සිදුවූ හානිය බල පැවැත්වුණේ යාපනයට පමණක් නොව සමස්ත රටට ම බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

"සුළු ත්‍යාගයක් ලෙස මෙහිදී පොත් පාර්සලයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන අතර දිගු කාලීනව සහෝදර දෙමළ ජනයාගේ හදවත්තුළ ඇති වූ අමිහිරි අත්දැකීම් වල කැළැල් මකා දැමීමට හැකිවෙනු ඇතැයිද හෙතෙම සඳහන් කර ඇත. යාපනය නගරාධිපතිගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව අවස්ථාව සංවිධානය කර තිබිණි. adaderana

0 comments:

Post a Comment