Friday, June 25, 2010

රාජගිරියේ දේවස්ථානයක් බිඳ දමයි


රාජගිරිය- 4 වන පටුමග කෝට්ටේ පාර පිහිට් ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයක් පොලීසිය විසින් කඩා බිඳ දැමීමට පියවර ගෙන තිබීමෙන් ප්‍රදේශයේ නොසන්සුන් කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

වසර 30 ක පමණ කාලයක් තිස්සේ ප්‍රදේශවාසීන්ගේ අධාර උපකාර මත ගොඩ නඟා තිබු මෙම දේවස්ථානය හදිසියේ කඩා ඉවත්කිරීමට එරෙහිව ජනයා සිය විරෝධය පාන බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

පවුල් 150 ක් පමණ මෙම දේවස්ථානයේ පුද පූජා කටයුතු වලට සහභාගී වෙමින් සිටියද හදිසියේම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පොලිස් නිලධාරීන් 100 ක් පමණ පිරිවරාගෙන බැකෝ යන්ත්‍රයක්ද රැගෙන පැමිණ මෙම දේවස්ථානය කඩා බිඳ දැමීමට කටයුතු කර තිබේ.

අනවසර ඉදිකිරීම් ලෙස පවතින ‍ඉදිකිරීම් ඉවත්කිරීමට තීරණය කර ඇති හෙයින් ඉහළින් ආ නියෝගයකට අනුව මෙම කටයුතු සිදුකළ බව වැලිකඩ පොලීසිය සඳහන් කරයි.

සිදුවීම සිදුවන අවස්ථාවේ එතැනට පැමිණි නගරාධිපතිනිය මේ පිළිබඳ විමසා සිටියද නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හෝ පොලීසිය ඇයව තුට්ටු දෙකකට හෝ මායිම් නොකොට සිය රාජකාරිය කර ගෙන ගොස් ඇත.

මෙම දේවස්ථානය කඩා බිඳ දැමීමට අදාළ නියෝගයක් සඳහන් කිසිදු ලියැවිල්ලක් මෙම නිලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ට පෙන්වා නැති අතර ඒ පිළිබඳ විමසූ බැතිමතුන් කිහිපදෙනෙකුට පොලීසිය විසින් පහරදුන් බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
adaderana

0 comments:

Post a Comment