Friday, June 25, 2010

විද්වත් කමිටුව ලංකාව පිළිගත යුතුයි -අමෙරිකාව


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයාබලා කරුණු වාර්තා කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් පත්කළ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකා රජය පිළිගත යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි. මෙම කමිටුවේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකාව සහයෝගය දැක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිත සුසෑන් රයිස් මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දශක ගණනාවක් පැවති යුද ගැටුම්වලින් පසුව යළි ගොඩනැගෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අමෙරිකාව සහය දක්වන බවත් ඒ අනුව එක්සත් ජාතීන්ගේ ම‍හලේකම්වරයා මෙවැනි විශේෂඥ කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකාවට වැදගත් වන බවත් අමෙරිකාව පෙන්වාදෙයි. ඒ අනුව අදාළ කමිටුවෙන් උපරිම ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකාවේ වගකීම බව සුසෑන් රයිස් මහත්මියගේ අදහස වී ඇත. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංහිඳියාව පිළිබඳ කොමිසම ලොව සෙසු රටවල ක්‍රියාත්මක ඒ හා සමාන කමිටු සමග සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් බව සුසෑන් රයිස් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. aderana

0 comments:

Post a Comment