Friday, June 25, 2010

සදහම් පණිවිඩය ලද පොසොන් සැමරේ


අනුබුදු මිහිඳු නාහිමියන් ලක්දිවට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම සිහිපත් කරමින් බෞද්ධ ජනතාව අදට යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සමරයි. මෙරට පැවති යුද්ධය අවසන් වීමෙන් පසු සියලු බෞද්ධයන් සාමකාමී වටපිටාවක් යටතේ පොසොන් උත්සවය සැමරී‍ම විශේෂත්වයකි. අනුරාධපුරය පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් විශාල පිරිසක් වන්දනාවේ නිරතවීම ද පොසොන් සමයේ සිදුවේ.

අනුරාධපුරය සහ මිහින්ත‍ලය ප්‍රදේශයට මෙවර පොසොන් සමය වෙනුවෙන් ලක්ෂ 20 ක පමණ ජනතාවක් පැමිණ ඇති බවට පොසොන් උත්සව සංවිධායක කමිටුවේ සභාපති අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එච්. එම්. කේ හේරත් මහතා පවසයි. එම ජනතාවට අවශ්‍ය පහසුකම් සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ‍පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් උතුරු මැද පළාතේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි එම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දසනායක මහතා පවසයි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම රථ වාහන පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 4500 දෙනෙකු පමණ යෙදවීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලේ සිට අනුරාධපුයට නොමිලේ දුම්රි‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඊයේ දිනයේ සිට ලබන 27 වන දිනය දක්වා මෙම දුම්රිය සේවය ක්‍රියාත්මක වන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment