Sunday, June 27, 2010

ලංකාවේ අනාගතයට මානව හිමිකම් අත්‍යවශ්‍යයි


ශ්‍රී ලංකාවේ අනාගතය සඳහා මානව හිමිකම් අත්‍යවශ්‍ය අංගයක් බව අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක පී. ජේ ක්‍රෝව්ලි පවසයි. මහින්ද රාජපක්ෂ රජය එල්. ටී. ටී. ඊ ය පරාජය කර ඇති මොහොතේ කඩිනමින් ජනතාව අතර සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. වර්තමානයේ ශ්‍රී ලංකාවට ඒ සඳහා හොඳ අවස්ථාවක් උදා වී ඇති බව ක්‍රෝව්ලි මහතා පවසයි.

අමෙරිකාවේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා පත්කළ කමිටුවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් සොයා බැලීමට අවසර ලබා දීම වැදගත් වන බව ද ක්‍රෝව්ලි මහතා මෙහි දී ප්‍රකාශ කළේය. adaderana

0 comments:

Post a Comment