Sunday, June 27, 2010

පළාත් පාලනයට තනිවම තරඟ වදිනවා -මනෝ ගනේෂන්


ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂය තනිවම ඉදිරිපත් වීමේ පොදු එකඟතාවයකට පැමිණ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ පවසයි. ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා"ඉනිමග"සලකුණ යටතේ ඉදිරිපත් වීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් තව දුරටත් පක්ෂය තුළ සාකච්ඡා සිදු වන බව ද ඔහු ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂය යටතේ තව දුරටත් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම නිෂ්ඵල ක්‍රියාවක් බව මනෝගනේෂන් මහතා අවධාරණය කළේය. ඒ හේතුවෙන් මෙවැනි පොදු එකඟතාවයකට පැමිණීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය. adaderana

0 comments:

Post a Comment