Sunday, June 27, 2010

අයඩින් ඌනතාව තුරන් කිරීමට විශේෂ වැඩසටහන්


අයඩින් ඌනතාවය මෙරටින් තුරන් කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් අනුව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය අයඩින් ප්‍රමාණය නිසි පරිදි ලැබෙන්නේ ද යන්න පිළිබඳව මෙහි දී සොයා බැලීමට නියමිතය.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දිවයින පුරා විශේෂ සමීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ අනුව නිවෙස් වල භාවිතා කරන ලුණු වල ඇති අයඩින් ප්‍රමාණය පරීක්ෂා කිරීම සිදු කෙරෙනු ඇත. නියමිත පරිදි අයඩින් මිශ්‍ර කර නොමැති ලුණු භාවිතය වැළැක්වීම සහ එවැනි ලුණු නිෂ්පාදනය කරන ආයතන හඳුනා ගැනීම මෙමඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. adaderana

0 comments:

Post a Comment