Saturday, June 12, 2010

තවලන්තැන්න -රම්බොඩ දක්වා ‍පාර වැසෙයි


තවලන්තැන්න සිට රම්බොඩ දක්වා ‍පේරාදෙනිය -නුවරඑළිය ප්‍රධාන මාර්ගය අද (ජූනි 12) පස්වරු 6 .00 සිට හෙට පෙරවරු 8 .00 දක්වා වසා තැබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පවසයි. නුවරඑළිය - පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ 42 වන කිලෝමීටර් ක‍ණුව අසල නායයෑමේ අවදානමක් පැවතීම නිසා මෙසේ මාර්ගය වසා දැමීමට තීරණය කර ඇත. adaderana

0 comments:

Post a Comment