
එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මවට ඉන්දියාවට ඇතුළු වීම සඳහා වීසා නිකුත් කිරීමට අදාළ කොන්දේසි එරට රජය මගින් ලිහිල් කරයි. ඒ අනුව ප්‍රභාකරන්ගේ මවට ඇයෙග් දියණිය සමග ඉන්දියාවේ රැදී සිටීමට අවසර ලැබී තිබේ. එමෙන්ම පවුලේ ඥාතීන්ට සහ හිතවතුන්ට ඇය මුණගැසීම සඳහා අවසරය ලබාදීමට ද ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ. එහෙත් කිසිඳු දේශපාලකයෙකුට ප්‍රභාකරන්ගේ මව හමුවීමට තහනම් බව ඉන්දීය රජය දැනුම් දෙයි. මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් අද දෙරණ කළ විමසීමක දී ඔහු පැවසුවේ ප්‍රභාකරන්ගේ මව ඉන්දියාවට යැවීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බවයි. ඇය දැනට වැල්වැටිතුරේ රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසුවේය. adaderana
0 comments:
Post a Comment