
එම්.ටී.වී/එම්.බී.සී ආයතනයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, හිටපු කොළඹ දිස්ත්‍රීක් එ.ජා.ප මහ මැතිවරණ අපේක්ෂක සුසිල් කිඳෙල්පිටිය මහතා ඇප පිට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.
මිරිහාන පොලීසිය විසින් පසුගිය අප්‍රේල් මස 02 වන දින අත්අඩංගුවට ගත් සුසිල් කිඳෙල්පිටිය මහතා ප්‍රථම වරට අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අප්‍රේල් මස 03 වනදාය.
මිරිහාන පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ කාන්තාවක් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකරගෙන තබා ගැනීම , නීතී විරෝධී ලෙස ගිනි අවියක් භාවිතා කිරීම , නාවික හමුදාවෙන් පළා ගිය සෙබළෙකුට නවාතැන් පහසුකම් ලබා දීම ඇතුළු චෝදනා රැසක් සැකකරුට එරෙහිව ඉදිරිපත් වී ඇති බවයි. adaderana
0 comments:
Post a Comment