Saturday, June 12, 2010

දකුණේ බස් ගාස්තු සංශෝධනයට


දකුණු පළාතේ බස් ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ගාස්තු අය කිරීමේ ඇති විෂමතා පිළිබඳ බස් හිමියන් සහ බස් මගින් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම ගාස්තු සංශෝධනය සිදුකළ බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි. ඒ අනුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් බස් රථ ගමන් ගන්නා දුර ප්‍රධාන සාධකය ලෙස සලකා ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය.

දකුණු පළාතේ මාර්ග 388 ක බස් ධාවනය පිළිබඳ අධීක්ෂණ කටයුතු නිම කර ඇති බව පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා කියා සිටියි. එම මාර්ග 388න් 221 ක බස් ගාස්තු අඩු කිරීමටත් මාර්ග 54 ගාස්තු ඉහළ නැංවීමටත් නියමිත බව මහ ඇමතිවරයා පවසයි. සෙසු මාර්ග 113හි බස් ගාස්තු වල වෙනසක් සිදුනොවන බව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සඳහන් කරයි. නව බස් ගාස්තු සංශෝධනය මෙම මස 19 වැනිදා සිට ක්‍රියාවට නැංවෙනු ඇත. adaderana

0 comments:

Post a Comment