
ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා අත්අඩංගුවට නොගැනීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම යළි සලකා බැලීම ලබන සඳුදා තෙක් කල්දැමීමට මදුරාසි මහාධිකරණය තීරණය කර තිබේ. ඉන්දියානු දෙමළ සංවිධානයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම එම්.වයි. ඉක්බාල් සහ ටී.එස්. සිවඥානම් යන විනිසුරුවරුන් ඉදිරියේ ඊයේ සලකා බැලූ අවස්ථාවේ තීරණය ගෙන ඇත. පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටින්නේ ඉන්දියාවට පැමිණ සිටින ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම වහා සිදුකළ යුතු බවයි. 1986 වසරේ ඉන්දියාවේ සිදුවූ ඝාතන හා පැහැරගැනීම් සිද්ධියක් සම්බන්ධයෙන් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. 1987 දී ඔහුට එරෙහිව චෙන්නයි අධිකරණයක් හමුවේ චෝදනා ගොනු කර ඇති බව ද වාර්තා වෙයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ 1987 දී අත්සන් තැබුණු ඉන්දු ලංකා ගිවිසුමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පැමිණි දෙමළ සන්නද්ධ සාමාජිකයින්ට සමාව ලැබුණු බවයි. adaderana
0 comments:
Post a Comment