
ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවධානය යොමු කර නොමැති බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ ගොස් ඇති නමුත් දැනට ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන සඳහා එය බලපා නොමැති බව ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් ලෝක වෙළඳපළේ පවතින මිලට ලබා ගන්නා තෙල් ලංකාවට ගෙන ඒම ඉදිරි මාසයක කාලය තුළ සිදුවනු ඇති බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා කියා සිටියි. ඉන්ධන මිල තවත් නොබෝ කාලයක් වත්මන් මිල මට්ටමේම පවතිනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි. adaderana
0 comments:
Post a Comment