Saturday, June 12, 2010

නවදිල්ලියේ අතරමංවූවන් ගැන විමර්ශන


ඇෆ්ගනිස්ථානයට ඇතුළු වීමට ගොස් නවදිල්ලියේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. සංචාරක වීසා ලබාගෙන ඉන්දියාව හරහා ඇෆ්ගනිස්ථානයට ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු පසුගියදා නවදිල්ලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භාරයට ගනු ලැබුවේය. ජාඇල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් මෙම පිරිස නීතිවිරෝධී ලෙස ඇෆ්ගනිස්ථානයට යැවීමට කටයුතු කර ඇති බවට මේ වන විට අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අවශ්‍ය තොරතුරු ලබාගනිමින් සිටින බව වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය. adaderana

0 comments:

Post a Comment