
අද දින පාර්ලිමේන්තුව අවසන් වීමෙන් පසුව ජුනි මස 29 වැනි අඟහරුවදා පස්වරු 2ට යළි රැස්වීමට තීරණය කර තිබේ. පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයට අනුව පාර්ලිමේන්තුව පස්වරුවේ රැස්වන ප්‍රථම අවස්ථාව මෙය වේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත බව සඳහන්ය.
එදින පෙරවරු 9. 30 සිට රාත්‍රී 9. 30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වේ. ජුලි දෙවැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය. ජුලි තුන්වන සෙනසුරාදා ද පාර්ලිමේන්තුව පෙරවරු 9. 30 සිට පස්වරු 6. 00 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ. adaderana
0 comments:
Post a Comment